ඔයාගෙ Twitter ගිණුමේත් Followers ලා වැඩි කරගන්න කැමතිද?

Ish5501
Ish5501

ඔයාලා හැමෝම දන්නවා Twitter කියන්නෙ Facebook වලට පසුව ලොව වැඩිම පිරිසක් පරිශීලනය කරන සමාජ ජාල වෙබ් අඩවිය කියලා, මේ කාලයේ Online Marketing වලදී Social Media වලට විශේෂ තැනක් හිමිවෙලා තියෙනවා. අපි කිසිම කෙනෙක්ට මේ Social Media අමතක කරලා Online Marketing වල සාර්ථක වෙන්නනම් ටිකක් අමාරුයි.
මේ නිසාම ඕනෑම Business එකක් හෝ Brand Name එකක් තමාගේ Promoting වලදී මේ සමාජ ජාලා වල තමන්ගේ Community එක විශාල කර ගැනීමට විශාල අවධානයක් යොමු කරනු ලබනවා. ඒ අතරින් Twitter වලට හිමිවෙලා තිබෙන්නේ ප්රමුඛ ස්ථානයක්. ලංකාව තුළ මේ සමාජ ජාලය තවමත් Effective නැති වුනාට ලෝකයේ අනෙක් රටවල Twitter යොදා නොගන්නා ආයතන හෝ පුද්ගලයන් හොයන්නත් අමාරුයි. ඉතින් ඔයාගේ අරමුණ ලෝකයේ අනෙක් රටවල ජනතාව ඉලක්ක කරන ආදායම් මාර්ගයක් නම් මේ Twitter කියන දේ ඔයාට ඉතා වැදගත් වේවි කියා මා සිතනවා.
Twitter බාවිතා කරන හැම පරිශීලකයෙක්ගේම අරමුණ තමයි තමන්ගේ Followers ලා වැඩි කර ගැනීම. ඉතින් ගොඩක් ලොකු Followers ලා ප්රමාණයක් ඉන්නවා කියන්නේ ඔයාට ඉතා වාසිදායකයි. ඉතින් මේ Followers ලා වැඩි කර ගන්නට නොයෙකුත් නොමිලේ ක්රම වගේම මුදල් වියදම් කර ලබා ගන්නා ක්රමත් තිබෙනවා. මෙහිදී මගේ බලාපොරොත්තුව නොමිලේ පහසුවෙන් ඔයාගෙ Followers ලා වැඩි කර ගන්න විදිය ඔයාලට කියා දීමයි.
ඉතින් මේ කියලා දෙන ක්රමවේද මම මගේ Sinhala Subjects බ්ලොග් අඩවියේ Official Twitter Account එක තුළ අත්හදා බැලූ ඒවා බව අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ. ඉතින් මේ වන විට මට Followers ලා 750+ ප්රමාණයක් සිටිනවා. මේ නිසාම සැලකිය යුතු Traffic එකක් මගේ Sinhala Subjects බ්ලොග් අඩවියට ගෙන්වා ගැනීමටත් හැකිවෙලා තිබෙනවා.
ඉතින් ඔයාලත් මේ මම අත්හදා බැලූ ක්රමවේද අත්හදා බලන්න.

1) ආකර්ෂණීය Profile Picture එකක් හා cover photo එකක් ඇතුලත් කරන්න
මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් අය මේ දේ අමතක කරනවා. දැකුම්කලු Profile Picture එකක් හා cover photo එකක් තියෙනවානම් ගොඩ දෙනෙක් නිකන්ම ඔයාව Follow කරන්න පෙළඹෙනවා.

2) නිවැරදි වෙලාවේ tweet කරන්න
මෙන්න මේ දේත් ගොඩක් අය අමතක කරන දෙයක්. ඔයාගෙ ගොඩක් ඉන්නෙ ලංකාවෙ Followers ලා නම් ඔයා tweet කරන්න ඕනෙ ගොඩ දෙනෙක් Active වෙලා ඉන්න වෙලාවක. 10PM-6AM වගේ වෙලාවල ගොඩක් Active අය ගොඩක් අඩුයි. ඒ වගේ වෙලාවල tweet කලාට කිසිම තේරුමක් නැහැ. ඔයා tweet කරන්න ඕනෙ 9AM-11AM 6PM-9PM වගේ ගොඩක් අය online ඉන්න වෙලාවක් බලලා. මේ වෙලාවල ඔයාගෙ tweets වලට Engagement ලැබෙන්න අවස්ථා ගොඩක් තිබෙනවා. එතකොට ඔයාගෙ Followers ලා වැඩි වෙන්න ඒක හේතු වෙනවා.


3) ඔයාගෙ Twitter ගිණුමේ විස්තර නිවැරදිව ඇතුලත් කරන්න
Description,Birthday වගේ ඔයාගෙ ගිණුමේ තොරතුරු නිසි ආකාරව ඇතුලත් කිරීමත් ඔයාගෙ Followers ලා වැඩි වෙන්න බලපානවා. හොද ආකර්ෂණීය Description එකක් යොදලා ඔයාගෙ වෙබ් අඩවියත් Link කලොත් නොමිලේම ඔයාට Traffic ත් ලැබෙනවා.

4) @ භාවිතා කිරීම
ඔයාලා දන්නවා twitter වල අපිට @ ලකුණ යොදලා තවත් කෙනෙකු ආමන්ත්රණය කරන්න වගේම එයාගෙ tweets වලට ප්රතිචාර දක්වන්නත් පුලුවන් කියලා, මෙමගින් ඔයා Follow කරන අයට ඔයා දක්වන ප්රතිචාරය පෙන්නුම් කරනවා වගේම එමගින් ඔවුන් ඔබව අදුනාගෙන Follow කරන්න පෙළඹෙනවා. ලෝකයේ ඕනෑම කෙනෙක් ආමන්ත්රණය කරලා ඔයාට Tweet කරන්න පුලුවන්.

5) ප්රශ්න ඇසීම
ඔයා Followers ලා වැඩි කරගන්න කැමති ක්ෂේත්රය පිළිබඳව ප්රශ්න ඇසීම තුලින් එහි දක්ෂයන් හා ප්රවීනයන් හදුනා ගන්න ඔයාට පුලුවන් වෙනවා. ඒ වගේම @ ලකුණ හරහා ඔයාට පිළිතුරු හෝ ප්රතිචාර ලැබෙන විට අදාල පුද්ගලයාගේ Followers ලට ඔයාගෙ නම පෙන්නුම් කරනවා වගේම ඒ හරහා ඔයාගෙ Profile එකට ලින්ක් එකකුත් ලැබෙනවා.

6) වැදගත් හා අදාල කාලය තුළ කතාබහ වන මාතෘකා පිළිබඳව tweet කරන්න
ඔයාලා දන්නවා online marketing වලදී ඔයාට අනිවාර්යයෙන්ම හොද niche එකක් තියෙන්න ඕනෙ. ඔයා මේ niche එකෙන් පිට පැන්නොත් ඔයා අසාර්ථක වෙන්න අවස්ථා බොහෝමයි. ඒ නිසා ඔයා හැම විටම තමන්ගේ niche එකට අදාල වැදගත් හා අලුත් දේවල් ගන tweet දාන්න. හුග දෙනෙක් අලුත් දේවල් ඉගෙන ගන්න අද කාලෙ කැමතියි. ඒ නිසා ඔයාට නිකන්ම ඔයාගෙ Brand එක ඒ හරහා ඇති කරගන්න පුලුවන්.

7) ඔයාගෙ බ්ලොග් අඩවිය තුළ Follow Buttons ඇතුලත් කරන්න
ඔයාට හොද traffic එක තියෙන බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් තියෙනවානම් පහසුවෙන් ඒ තුළ twitter Follow Buttons ඇතුලත් කරන්න පුලුවන්. මේ හරහා ඔයාගෙ බ්ලොග් එකට එන ඕනෑම Twitter User කෙනෙක්ටම පහසුවෙන් ඔයාව අනුගමනය කරන්න හැකියාව ලැබෙනවා.

8) # ලකුණ යොදා Tweet කිරීම
ඔයාට පුලුවන් ඔයා දාන Tweets # ලකුණ යොදා වර්ගීකරණය කරන්න. ඔයා කුප්පිය ගැන මොකක් හරි Tweet එකක් දැම්මොත් #ekathuwa වගේ # ලකුණ යොදලා එය වර්ගීකරණය කරන්න පුලුවන්. තවත් කවුරුහරි #ekathuwa යටතේ tweets දැම්මොත් ඔයාට ඒ අය අදාල # ලකුණ යොදා Search කරන්න පුලුවන්. මේ නිසා ඔයා තවත් twitter තුළ ලොකු පිරිසක් ඉදිරියේ නිරාවරණය වීම සිදු වනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාව අනිත් අය Follow කිරීමේ අවස්ථාවත් වැඩි වෙනවා.


9) Top Twitter User ලා Follow කරන්න
මෙන්න මේ දේත් ඔයාගෙ Follow ප්රමාණය වැඩි වෙන්න බලපානවා. Top User කෙනෙක්ගෙ Followers List බොහෝ අය නිතරම සොයා බලනවා. ඒ list එකේ ඔයත් හිටියොත් ඒ කෙනෙක් ඔයාව Follow කරන්න සැලකිය යුතු සම්භාවිතාවක් තිබෙනවා. හැම විටම තමාගේ Niche එකට අදාල ප්රවීනයන් හා විද්වතුන් Follow කරන්න.

10) Follow More People
අන්තිමට ඔයාගෙ Followers List එක ඉහල දමා ගන්න තිබෙන ලේසිම ක්රමේ තමා මේ. නමුත් ඔයාට Follow කරන්න උපරිම පුලුවන්නෙ 5000ක් පමණයි. හැමවිටම niche user අය පමණක් Follow කරන්න. ඔබව නැවත ඒ අයම බොහෝවිට අනෙක් අතට අනුගමනය කරාවි.

එසේනම් මේ ක්රම්වේද අනුගමනය කරලා ඔයත් ඔයාගෙ Brand එක Twitter තුළ ගොඩ නගා ගන්න.

ඔයාලා මේ ලිපිය තුළින් යම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, මගේ Twitter ගිණුම Follow කරන්නත් මගේ බ්ලොග් අඩවියට යන්නත් අමතක කරන්න .එපා......


වෙබ් අඩවිය - Sinhala Subjects Blog

Twitter - Sinhala Subjects Blog

emember

Comments

Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions