Linux සහ Windows.

GreenCoder
GreenCoder
මේ operaring system දෙකේ තියෙන වෙනස් කම් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමුද? මම පාවිච්චි කරන්නේ windows ඒත් මට අහල තියෙනවා programming වලට windows වලට වඩා හොඳ Linux කියල. එක ඇත්තද?

මොකද්ද මේ OS දෙකේ තියෙන වෙනස්කම්?
ඇයි linux programming වලට හොඳ වෙන්නේ?
Linux පාවිච්චි කරන්න අමාරුද?
Area_Master0xEDD1Elahiruashan

Comments

  • 0xEDD1E
    0xEDD1E
    programming වලට windows වලට වඩා linux හැමවිටම හොඳයි කියල කියන්න බෑ. ඒත් linux වල windows වලට වඩා developing වැඩ වලට පහසුකම් තියෙනවා,
    • ගොඩක් programming languages වලට කෙලින්ම සහය දැක්වීම
    • හොඳ tools set එකක් තිබීම (make, automake, autoconf, vim, sed වගේ)
    • තේරුම් ගන්න ලේසි, ගොඩක් වැඩ කරන්න පුළුවන්, API එකක් තිබීම
    • ආරක්ෂාකාරී පරිසරයක් තිබීම - උදාහරණයක් විදිහට හිතන්න අපි ලියන program එකක් වැරදි memory address එකක් පාවිච්චි කරන්න උත්සහ කළා කියල, මේ වෙලාවේදී linux වලදී නම් kerenel එකෙන් segmentation fault වගේ error signal එකකින් සරලව මේක handle කරනවා, ඒත් windows වලදී හුඟක් වෙලාවට program එක stuck වෙලා Not responding error එක එනවා. ඊට පස්සේ .... :(
    ඔය වගේ තව පොඩි පොඩි දේවල් ගොඩක් නම් කරන්න පුළුවන්. එනිසා ඒ අතින් ගත්තම Linux හොඳයි. ඒවගේම අනිත් පැත්තෙන් windows වල visual studio වගේ එකකින් programming කරන එක ගොඩක් ලේසියි. උදාහරණයක් විදිහට VB වලට database එකක් connect කරගන්න ඕනේ වුනාම කිසිම code එකක් ලියන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන්. ඒවගේ තැන් වලදී windows හොඳයි කියල කියන්න පුළුවන්. ඒවගේම විකුනන්න software එකක් හදනවා නම් මං හිතන්නේ windows තම හොඳ. මොකද තාමත් හුඟක් අය පාවිච්චි කරන්නේ Windows නේ!
    GreenCoder කිව්වා: මොකද්ද මේ OS දෙකේ තියෙන වෙනස්කම්?
    මේකට උත්තර හොයන්න නම් හොඳම දේ තමා දෙකම කාලයක් පාවිච්චි කරලා බලන එක
    කිව්වා: Linux පාවිච්චි කරන්න අමාරුද?
    එහෙම කිසිම ආමරුවක් නෑ Linux වල. ඉගෙන ගන්න දේවල් තමා තියෙන්නේ. ඒවගේම ඉගෙන ගන්න දේවල් ඕනේ විදිහකට පාවිච්චි කරන්නත් පුළුවන්.
    [Deleted User]krrpH4CK3RLakshan
    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    ඔව් මට එක අමතක වුණා. ඕකත් Linux වලා තියෙන ලොකුම වාසියක්. ඔය විදිහට කවුරුහරි compile නොකරපු architecture එකක් තිබුනොත් අපිට වුනත් compile කරගන්න පුළුවන් (compiler එකක් තියෙනවනම්). ඒ නිසා අපි ලියන program එකෙත් portability එක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්
    krrp
    nanos gigantum humeris insidentes
  • Code_x20
    Code_x20
    මමත් භාවිතා කරන්නේ Linux , Windows වලට වඩා හොදයි Drivers හොයන්න ඕනේ නැහැ හැම එකකටම Drivers තියෙනවා. වයිරස් එන්නේ නැහැ Windows වල වගේ Software හොය හොයා Install කරන්න ඕනේ නැහැ ඔකොම Software එකම තැනකින් ගන්න පුලුවන් හරිම ලේසි.
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා: වයිරස් එන්නේ නැහැ
    Linux වලට virus එන්නේ නෑ කියන කතාව නම් 100% ඇත්ත නෙමෙයි. Linux වලටත් virus තියෙනවා. Linux පටන් ගත්ත කාලේ ඉඳන් මේවා තියෙනවා (Staog, 1996). ඒ නිසා virus free කියල හිතාගෙන Linux පාවිච්චි කරන්න හොඳ නෑ. Linux විතරක් නෙමෙයි කිසිම OS එකක් 100% secure නෑ.

    Linux වල virus තිබුනට, virus වල බලපෑම Windows වල තරම් දරුණු වෙන අවස්ථා අඩුයි. Linux architecture එකේ තියෙන හොඳ කම නිසා තියෙන virus වලට ලොකු බලපෑමක් කරන්න බෑ, උදාහරණයක් විදිහට, අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන Linux distro (ubuntu, fedora) එකක අපේ user account එකට root privileges නෑ. ඒ නිසා virus එකක් ආවත් එකට ක්‍රියාත්මක වෙන්න අමාරුයි. (හැබැයි kali linux වලනම් කෙලින්ම root user තියෙන නිසා මේක ඒ විදිහටම අදාළ වෙන්නේ නෑ). ඒ වගේම Linux වල තියෙන අනිත් හොඳම ලක්ෂණය තමයි, Virus එකක් තියෙනවා කියල හොයා ගත්තු ගමන් Linux community එකට හැකියාව තියෙනවා virus එකේ බලපෑම අඩු වෙන හෝ නැති වෙන විදිහට kernel එක patch කරන්න. ඒ නිසා හුඟක් linux virus වල ආයු කාලේ අඩුයි.

    හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ Linux 100% ක්ම virus-free, Linux වලට virus guard එකක් ඕනේ නෑ කියල. එදිනෙදා වැඩ වලට linux පාවිච්චි කරන අය virus guard එකක් පාවිච්චි නොකලට servers, data centers වලට virus guard එකක් ඕනේ වෙන්න පුළුවන්. සාමාන්‍ය linux users ලා වුනත් නිතරම OS එක update කරනවා නම් ආරක්ෂාව හොඳයි.
    rootboyemember
    nanos gigantum humeris insidentes
  • rootboy
    rootboy
    Linux (Ubuntu) වලට එහෙම zte mf190 වගේ පොඩි ඩොන්ගෙල්ස් පාවිච්චි කරන්න පුලුවන්ද ? ඩ්‍රයිවර්ස් ඔනී නැහැ කියලා උඩින් කෙනෙක් කියලා තියෙනවා. එත් ඩොන්ගෙල් එක ගැහැව්වට ඩිටෙක්ට් උනාට වැඩ කරන්නෙත් නැහැ. ඒ වගෙම vlc වගේ ප්ලෙයර් එකක් වින්ඩොව්ස් හරහා ඩව්න්ලොඩ් කරගෙන ඉන්ස්ටල් කරන්න ට්‍රයි කල්ත් අර sudo කියන සීන් එක ඔනිමයිද ? එතකොට ඉන්ටනෙට් ඔනිමයි නෙද ?

    මාත් හරි අසායි ලින්ක්ස් යුස් කරන්න එත් තියෙන ප්‍රශ්ණය තමයි උඩින් තියෙන්නේ.
  • rootboy
    rootboy
    ekathuwanam marai. :D ada ayeth ubuntu download karagena try and try karanawa ShujaRafi Bro. thank you soooo much much more.
  • Code_x20
    Code_x20
    කිව්වා: Linux (Ubuntu) වලට එහෙම zte mf190 වගේ පොඩි ඩොන්ගෙල්ස් පාවිච්චි කරන්න පුලුවන්ද ? ඩ්‍රයිවර්ස් ඔනී නැහැ කියලා උඩින් කෙනෙක් කියලා තියෙනවා. එත් ඩොන්ගෙල් එක ගැහැව්වට ඩිටෙක්ට් උනාට වැඩ කරන්නෙත් නැහැ. ඒ වගෙම vlc වගේ ප්ලෙයර් එකක් වින්ඩොව්ස් හරහා ඩව්න්ලොඩ් කරගෙන ඉන්ස්ටල් කරන්න ට්‍රයි කල්ත් අර sudo කියන සීන් එක ඔනිමයිද ? එතකොට ඉන්ටනෙට් ඔනිමයි නෙද ?

    මාත් හරි අසායි ලින්ක්ස් යුස් කරන්න එත් තියෙන ප්‍රශ්ණය තමයි උඩින් තියෙන්නේ.
    Ubuntu 14.04 LTS , (Lubuntu , Kubuntu , Xubuntu , වල 14.04 ඕක වැඩ කරනවා , Linux Mint 17.2 වැඩ කරනවා ) වලට විතරයි ඔය Dongel එක වැඩ කරන්නේ. හැබැයි 15.04 , 15.10 , 16.04 වලට ඔය Dongel එක වැඩ කරන්නේ නැහැ Skis3g 16.04 වලට Support කරන්නේ නැහැ මම දාලා බැලුවා මගෙත් තියෙන්නේ ඔය විදියේ Dongel එකක්. 14.04 වලටනම් සුපිරියට වැඩ
    rootboy
  • rootboy
    rootboy
    wine මගින් පොටොශොප් එහෙම රන් කරන්න පුලුවන් කියලා වයින් සයිට් එකේ තියෙනවානේ. ඒ හැබැවක්ද.

    උබුන්‍ටු වින්ඩොව්ස් වලට වඩා ගොඩක්ම ස්ප්‍රීඩ් වැඩිද ? පවිච්චි කරනය යාලුවන්ගේ එකස්පිරියන්ස් එකෙන් කියන්නකෝ.

    ඒ වගෙම singreesi වගේ පොඩි ඩොට් නෙට් ඇප්ලිකෙශන්ස් wine මගින් පවිච්චි කරන්න පුලුවන්ද ?
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා: wine මගින් පොටොශොප් එහෙම රන් කරන්න පුලුවන් කියලා වයින් සයිට් එකේ තියෙනවානේ. ඒ හැබැවක්ද.
    ඔව් පුළුවන් කියලා මාත් අහල තියෙනවා.
    කිව්වා: උබුන්‍ටු වින්ඩොව්ස් වලට වඩා ගොඩක්ම ස්ප්‍රීඩ් වැඩිද ? පවිච්චි කරනය යාලුවන්ගේ එකස්පිරියන්ස් එකෙන් කියන්නකෝ.
    ඔව් හුඟක් අවස්ථාවල එහෙම speed කියල දැනෙනවා.
    rootboy
    nanos gigantum humeris insidentes
  • Code_x20
    Code_x20
    කිව්වා: usb libraries dammada? bin eka assata executable eka dammada?
    ඔව් ඔකොම කළා . skis3g එකෙත් අදාලා ගොනුව නිකන් ම Open වෙනවා ඒක වැඩ කරනෙන් නැහැ 16.04 එකේ.

    Dongel එක ගැහුවාම 14.04 එකේ මෙන්න මේ වගේ Ethnernet Connection 2 Auto ම හැදෙනවා. නමුත් 16.04 වල Auto හැදෙන්නේ එකයි.

    image

    ඔය එක එක Ethernet Connection එක්ක හැදෙනවා ඖටෝ Mac Address එකක් USB 0 කියලා Internet Connect කරද්දී ඔය Ethernet USB 0 Connection එකත් Auto Connect වෙනවා. නමුත් 16.04 එකේ ඔය USB 0 Ethernet Conection එක හැදෙන්නේ නැහැ . Dongel එක Connect කරන්න පුලුවන්. එත් සයිට් වලට යන්නේ නැහැ අර USB Ethernet Connection එක නැති නිසා. Ubuntu 15.04 එකේ ඉදන් ඔය අවුල තියෙනවා. 15.10 , 16.04 ඔහොමයි

    image

  • Code_x20
    Code_x20
    කිව්වා: උබුන්‍ටු වින්ඩොව්ස් වලට වඩා ගොඩක්ම ස්ප්‍රීඩ් වැඩිද ? පවිච්චි කරනය යාලුවන්ගේ එකස්පිරියන්ස් එකෙන් කියන්නකෝ.
    speed ඕනම් ඔයා Lubuntu භාවිතා කරන්න. ගොඩක්ම speed ඕක ක්‍රියා කරන්න Mb 90 RAM එකක් තිබුනාම ඇති. ඕක හදන්නේ Ubuntu එකෙන් Ubuntu වල තියෙන හැම දේම ඔකේ තියෙනවා. Windows වගේ ඔකේ අතුරු මුහුණත. මමත් භාවිතා කරන්නේ Lubuntu.
  • rootboy
    rootboy
    @Code_x20 Lubuntu 16.4 දි sakis3g වැඩ කරනවාද හොදට ඩොන්ගල් (zte mf190 )වලට ?
  • Code_x20
    Code_x20
    කිව්වා: @Code_x20 Lubuntu 16.4 දි sakis3g වැඩ කරනවාද හොදට ඩොන්ගල් (zte mf190 )වලට ?
    මගෙත් තියෙනෙන් ඔය වගේ Dongel එකක් එකනම් වැඩ කරන්නේ නැහැ කිසි සේත්ම Ubuntu 16.04 වලට . ඔයා Ubuntu 14.04 LTS දාන්න. එකත් Support කරනවා 2019 වෙනකම්. LTS එකක් නිසා
    rootboy
  • emember
    emember
    Senior Level
    කිව්වා: වයිරස් එන්නේ නැහැ
    Virus enne nathiwa neweyi. Wadipura Virus liyawenne Windows target karala.

  • String
    String
    sakis3g install karanne kohomada ?
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions