htpc/ media center එකක් විකුනන්න තියෙන කෙනෙක් ඉන්නවද

samith
samith
හැමෝම දන්නවනේ මගේ රස්සාව, ඉතින් මම අපේ ආයතනයේ අලෙවි ප්‍රදර්ශන වල tv රැක් වලට පාවිච්චි කලේ blueray player 2ක්, වසරකට විතර කලින් එයින් එකක් පැත්තකට දාන්න උනා, යම්යම් දෝෂ තිබුණු නිසා, ඒ ප්ලේයර් එකේ දැනට usb වීඩියෝ විතරයි වැඩ කරන්නේ, අනිත් එකටත් දැන් ගොක්කොල පෙනෙන්න පටන් අරන් තියෙනවා වගේ, ඉතින් අලුත් එකක් ඉල්ලන්න කාලේ හරි, අලුත් ප්ලේයර් නම් අපි ලග විකුනන්න තියෙනවා, නමුත් මගේ ලග දැනට තියෙන 2 පොඩි විශේෂත්වයක් එක්ක තමයි තියෙන්නේ, ඒ දෙකේම av අවුට් තියෙනවා, නමුත් දැන් එන එකකවත් av අවුට් නෑ,
අපි එක අලෙවි ප්‍රදර්ශනයකදී tv 40ක් විතර එකවර ප්‍රදර්ශනය කරනවා, මේ වැඩේට ස්පිලිටර් 4 වීඩියෝ වලටත් 2ක් ඕඩියෝ වලටත් යොදා ගන්නවා , hdmi වලින් මේ වැඩේ කරන්න ගියොත් ස්පිලිටර් 8ක් වත් ඕනේ, ලක්ෂ එක හමාරක් වත් වියදම් කරන්න වෙනවා සිස්ටම් එක අලුත් කරන්න, මේ වැඩේ කරන්නේ මගේ ටිකිරි මොලෙන් නිසා මේ ගැන මට වැඩි පුර හිතන්න වෙලා,
කවුරු හරි ලග av අවුට් තියෙන blueray player එකක් හරි htpc එකක් හරි තියෙනවා නම් මට වැඩේ ලේසියෙන්, මම ලග තියෙන අනිකුත් උපකරණ එක්ක ගලපාගෙන වැඩේ කරගන්න පුළුවන්, වැඩේ තව පහසුයි blueray තියෙන htpc එකක් තියෙනව නම්,
කවුරු හරි ලග එකක් විකුනන්න තියෙනවා නම් සාදාරන මුදලකට මිලදී ගන්න ආයතනයෙන් මුදල් මට ලැබෙනවා, ඒ නිසා මිල ගණන් එක්ක මට කියන්න,

මේ වගේ පොඩි දෙකට මෙච්චර ලොකු විස්තරයක් දැම්ම කියල මොකුත් කියන්න එපා, මගේ අවශ්‍ය තාවය පැහැදිලි කරන්න ඕනේ නිසා තමයි මේ විස්තරය දැම්මේ :hmm
dhanushka

Comments

  • dhanushka
    dhanushka
    Senior Level
    සහෝ ඔයාට උදව්වක් කරන්න තිබුණනම් වටිනවා.. ඒත් මම ලඟ එ් මොකක්වත් නැහැ... කවුරු හරි උපකාර කරයි... තව ටිකක් හොයලා බලන්න... ආහ් ඔය ඉලෙක්ටෝනික් අයිටම් රෙපෙයාර් කරන තැන්වලින් ගන්න පුලුවන් වෙයි...
    samith
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions