එකතුව ගැන ඔබේ අදහස කවියකින්, විරිඳුවකින්, නිසඳැසකින් දක්වන්න..

antonD
antonD
මේක නිකන් තරමක් විකාර වගේ, පිස්සු වගේ අදහසක් වගේ තමයි.. ඒත් පුළුවන් කෙනෙක් ඉන්නවානම් එකතුව ගැන තමන්ට දැනෙන දේ, එකතුවෙන් ලැබෙන ප්‍රයෝජන වගේ අදහස් කවියකින්, විරිඳුවකින් හෝ නිසඳැසකින් දාන්න.. මමත් මහා කවියෙක් නෙමෙයි.. පොඩ්ඩක් ගලපගන්න පුළුවන්. එච්චරයි.. ඒ නිසා පුළුවන් විදියට දාන්නකෝ කස්ටිය... එකතුවෙන් අපි හැමෝටම ලැබෙන දේට ස්තූතියක් වෙයි කියලා හිතනවා.. මේක නොගැලපෙන අදහසක්, විකාරයක් වගේ දැනුනොත් ඒ ගැනත් කියන්න කියලා ඉල්ලනවා.. ඒ නිසා බොහොම විවෘත සාකච්ඡාවක් මේක.. මං මගේ අදහස පොඩි විරිඳුවකින් වගේ දාන්නම්.. නිසඳැස් නම් මේ තරමින්වත් ගලපගන්න අමාරුයි මට..

එකතුව යන නමේ ලෙසම සැම දෙන එකමුතුවෙනවා..
දන්නා දේ හැමදෙනාම බෙදා හදා ගෙන යනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

සැවොම නිතර යන එනවා.. හොඳ හොඳ දේ ගෙන එනවා..
දැනුවත් වෙන අපි සැමෝම ඒ හැමටම පින් දෙනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එකතුව කරගෙන යන ඇඩ්මින්ලට අපි පින් දෙනවා..
හැමෝම වෙනුවෙන් කරනා මෙහෙවර අපි අගයනවා..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

ඉරිසියාව කුහක කමක් මම නම් නැහැ මෙහි දකින්නේ..
හැමදෙනාම අනික් අයට නිතරම අත හිත දෙන්නේ..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එක එක විෂයන්වල දේ එකම තැනින් ලැබ දෙන්නේ..
එකතුව දිගු කල් වැජබෙන්නට අපි සැම සුභ පතන්නේ..
ඩිග රඟ රඟ.. ඩිග රඟ රං.. ඩිග රඟ රඟ.. ඩිග රඟ රං..

එකතුවට ජය වේවා..!!
එකතුවේ සැමටම ජය වේවා..!!
පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
http://kalyt.com

Comments

  • LakJaya
    LakJaya
    Senior Level
    තාලයකට කියාගන්න බැරිවුණාට සිංදුව හරි මොකක්හරි මේක නම් එළ..
    HelithaSri1
  • PathumLK
    PathumLK
    Senior Level
    එලකිරි වගේ මචන් :goodbye

    ඒත් මටනම් කවි සිතුවිලි පහල වෙන්නෙ නැහැ..........
    HelithaSri1
  • antonD
    antonD
    Senior Level
    LakJaya කිව්වා: තාලයකට කියාගන්න බැරිවුණාට සිංදුව හරි මොකක්හරි මේක නම් එළ..
    :stop
    මේක විරිඳුවක් සහෝ.. හොඳයි නම් එච්චරයි :D
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • antonD
    antonD
    Senior Level
    @PathumLK
    අව්ලක් නැහැ සහෝ.. එකතුව ගැන මොනාහරි දාන්නකෝ.. ඒ ඇති.. :)
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • PathumLK
    PathumLK
    Senior Level
    කියන්නත් දෙයක් නෑනේ. එකතුව ලංකාවේ මං දකින හොදම වෙබ්සයිට් එකක්. එලකිරි වගේ කොල්ලෝ ටිකක් ඉන්නවා. ලොකු සීන් දාන උන් නැහැ. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න කැමති සෙට් එකක් ඉන්නෙ .............. තව ගොඩක් දේවල් තියෙනවා වචන වලින් කියන්න බැහැ මචන්.
    HelithaSri1
  • LakJaya
    LakJaya
    Senior Level
    වල් වැඩ කුණුහර්ප වලින් තොර ලංකාවේ ජනප්‍රියතම අධ්‍යාපනික සහ උදවු ෆෝරමය“
    - එකතුව

    “ඉරිසියා කාරයින්ගේ ඇහේ කටු අනින.. ඒ හේතුවෙන්ම නිතර නිතර ඩිඩොස් ප්‍රහාරයන්ට ලක්වෙන එකතුව“

    මගේ අදහස් කොහොමදෑ..?
    HelithaSri1
  • antonD
    antonD
    Senior Level
    @madhawa_h
    ආ.. ඔය තියෙන්නේ.. එල එල.. කවි නොවුනට අවංක, තමන්ට දැනුන අදහස්නේ.. :konfirmasi
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • LakJaya
    LakJaya
    Senior Level
    මාධව අයියා මෙතන කමෙන්ට් කරන්නෙ නැතිවත් නම සඳහන් වෙන්නෙ කෝමද? ඇන්ටන්ට හීනෙනුත් මාධව අයියව පේන්න අරගෙනද මන්දා..
  • antonD
    antonD
    Senior Level
    අප්පට සිරි.. සොරි වෙන්න ඕනේ.. :hmm

    @LakJaya ලෙසට ඒක නිවැරදි වෙන්න ඕනා.. moderator වරයෙකු නිවැරදි කොට මා බෙරාගනිත්වා..
    :stop

    වෙලාවකට දෙන්නගේ නම් මට පැටලෙනවා.. දවසක් මේකෙම අනිත් පැත්ත වෙන්න ගියා.. එවෙලේම edit කළා ඒක.. දෙන්නම ඉතින් එකතුවේ මගේ හොඳ යාළුවොනේ.. :gatau
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • antonD
    antonD
    Senior Level
    නිවරදිකිරීමයි...
    @LakJaya
    ආ.. ඔය තියෙන්නේ.. එල එල.. කවි නොවුනට අවංක, තමන්ට දැනුන අදහස්නේ.. :konfirmasi
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • LakJaya
    LakJaya
    Senior Level
    මොඩරේට් කොරන්න අවශ්‍ය නෑ නේද?.. මාධව අයියගෙනුත් කොමෙන්ට් එකක් ලැබේවිනේ මේකට.. එතකොට ආයෙ ඒ ගැන ගුණ වර්ණනා කරලා කොමෙන්ට් එකක් නොදා ඉඳපංකො.. උඩින් දාල තියෙනව කියල දැනුවත් කරන්න...
  • antonD
    antonD
    Senior Level
    ඔව් එහෙම කරන්නම් එහෙනම්.. :D
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • Root_x
    Root_x
    Senior Level
    LakJaya කිව්වා: “වල් වැඩ කුණුහර්ප වලින් තොර ලංකාවේ ජනප්‍රියතම අධ්‍යාපනික සහ උදවු ෆෝරමය“
    - එකතුව

    “ඉරිසියා කාරයින්ගේ ඇහේ කටු අනින.. ඒ හේතුවෙන්ම නිතර නිතර ඩිඩොස් ප්‍රහාරයන්ට ලක්වෙන එකතුව“

    මගේ අදහස් කොහොමදෑ..?


    මරු අදහස් දෙක :beautiful
    image
  • Theekshana
    Theekshana
    Senior Level
    ane mata kavi nam but ekathuwa lagadi patan gena ka atharath janappriya wela hoda thanaka thiyenawa kiyanna puluwan maru :hmm :terimakasih
  • antonD
    antonD
    Senior Level
    @Theekshana
    ඒ ඇති සහෝ.. අවංක අදහසක් තමයි ඕනා වුනේ.. හැමෝම කවි වලින්ම අදහස් කියන්නැහැ.. වචනවලින් කියන එකත් හොඳ ක්‍රමයක්.. කවි මොකෝ වචන මොකෝ.. දෙකෙන්ම කියන්නේ තමුන්ට දැනෙන දේනේ.. :konfirmasi
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • Nipunaliyanage
    Nipunaliyanage
    Senior Level
    ඇත්ත කහාව ලංකාවෙ තිබුන,තිබෙන ෆෝරම් වලින් ගහබැන ගැනිලි නති එකම ෆෝරම් එක තමයි එකතුව.
    Tech news|Softwares|Tricks|Tutorials|and more
    තාක්ෂණයේ අපූර්වත්වය විඳගන්න එන්න සොෆ්ට්වෙයාලන්තයට
  • antonD
    antonD
    Senior Level
    Nipunaliyanage කිව්වා: ඇත්ත කහාව ලංකාවෙ තිබුන,තිබෙන ෆෝරම් වලින් ගහබැන ගැනිලි නති එකම ෆෝරම් එක තමයි එකතුව.
    ඒක ඇත්ත.. බොහොම සාමකාමීව සුහදව වැඩ කෙරෙන තැනක් එකතුව.. ස්තූතියි සහෝ අදහස් දැක්වීමට..
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • LakJaya
    LakJaya
    Senior Level
    එහෙනම් අපි වලියක් දාගමුකෝ.. ආසාවට වගේ...
  • antonD
    antonD
    Senior Level
    LakJaya කිව්වා: එහෙනම් අපි වලියක් දාගමුකෝ.. ආසාවට වගේ...
    අනිවා අනිවා... දාගමු වලියක් වෙලාවක සෙට්වෙලා.. :stop
    පරිගණක විද්‍යාව, SEO ඇතුළු බොහෝ දේ සඳහා පිවිසෙන්න.. http://3idiotscs.blogspot.com
    http://kalyt.com
  • dhanushka
    dhanushka
    Senior Level
    නියම වැඩේ.. කරාටේ මැච් එක ඉවර වුනාම කියන්නේ “අපි මේක පැවැත්වූයේ සුහදතාවය වර්ධනය කරගැනීම පිනිසයි... “ කියලා... අපි් එහෙම වැඩක් කරමු... :stop
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • KusH
    KusH
    Senior Level
    :sukses
  • pallie
    pallie
    Senior Level
    පේපැල් වල මට ලංකාවෙ Account එකක් තියනවා. එහෙම තියෙද්දි Malaysia හරි Philiphine හරි හදාගන්න පුලුවන්ද?
  • gihan992
    gihan992
    Senior Level
    pallie කිව්වා: පේපැල් වල මට ලංකාවෙ Account එකක් තියනවා. එහෙම තියෙද්දි Malaysia හරි Philiphine හරි හදාගන්න පුලුවන්ද?
    thread එක මැද්දට ඔය දැම්මෙ හොද කවියක් කැවා
    dhanushkakaliya
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: වෙලාවකට දෙන්නගේ නම් මට පැටලෙනවා.. දවසක් මේකෙම අනිත් පැත්ත වෙන්න ගියා.. එවෙලේම edit කළා ඒක.. දෙන්නම ඉතින් එකතුවේ මගේ හොඳ යාළුවොනේ..
    aththa ban, matanam ohoma wela naha.. eth matath e dennage nam patalenawa.. dennage photo deka eka wagemayi! kathakaranneth eka wagemayi!
  • SSKuru_kNq
    SSKuru_kNq
    මේ thread එක ගොඩක් පරනයි.. ඒත් 2016 අවසානයේදී මම මගේ අදහස් පල කරන්නම් සහෝදරවරුනී...
    (කවි අරව මේව නම් මට බෑ හොදේ)

    #- නරක වචන ඇත එකතුවේ සියයට බින්දුවක්.....

    #- සප් එක දෙනවා එක කුස උපන් සහෝදරයෝ වගේ....

    #-හොර බොරු වන්චා තියනව එකතුවෙ ඉන්න අයගෙන් සීයට 5ක් විතර...
    (*මේක කිව්වෙ experience ඇතිව..*)

    එකතුවෙ ගැන හදවතින්ම කිව්වෙ ඇත්ත...
    (මට බොරු කලේ කව්ද කියල අහන්න එපා බ්‍රෝස්.)

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    සුබ නව වසරක් වේවා..
    2017

    Sent from my RAINBOW JAM using Ekathuwa App
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions