Best Recent Content

  • ekathuwa
    ekathuwa
    එකතුවේ සාමාජික මිතුරන් හැමෝටම ආයුබෝවන්

    මම ප්‍රථමයෙන්ම මම කවුද කියන එක ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්නම්. මම මේ එකතුව ෆෝරම් එකේ ඇඩ්මින්. නමුත් එකතුවේ අයිතිකරු නෙවේ. ekathuwa.lk කියන ඩොමේන් එක මගේ වුනාට මේ එකතුවේ සැබෑ අයිතිකරුවන් වෙන්නේ මේ ෆෝරම් එකත් එක්ක ඉන්න සාමාජිකයින්. එකතුව කියන්නේ මම ආරම්භ කල වෙබ් අඩවියක් නම් නෙමේ. මට ඒ අයගෙ නම් ඵල කරන්න අයිතියක් නැති වුනත් මේක ආරම්භ කල අයව මේ ෆෝරම් එකේ ඉන්න පැරණි සාමාජිකයින් නම් හොඳට දන්නවා ඇති. මේ ෆෝරම් එක ඒ අයගෙ මහන්සියෙන් තමයි මේ තැනට ඇවිත් තියෙන්නෙ. දැනට තියන ගොඩාක් ෆෝරම් වල වෙන්නෙ දේශපාලනය ගැන නැතිනම් කාගේ හරි ඕප දූප ගැන වල් පල් දොඩවන එක. නමුත් එකතුව කියන්නේ කෙනෙක්ට ඇවිත් යමක් ඉගෙනගෙන යන්න පුලුවන් තැනක්. ඉදිරියටත් ඒක ඒ විදියට තියා ගන්න අපි එකතුවේ team එක හැකි සෑම උත්සාහයක්ම ගන්නවා.. මේ වගේ වෙබ් අඩවියක ඇඩ්මින් කෙනෙක් වීම සම්බන්ධයෙන්ද මම ගොඩාක් ආඩම්බර වෙනවා.

    ඉතින් මම ගැන පෞද්ගලිකව හඳුන්වා දුන්නොත්, මම ඉස්සෙල්ලම මේ අන්තර්ජාලය හඳුනා ගන්නෙ 2006 අවුරුද්දෙ. ඔයගොල්ලො දන්නව ඇති ඒ කාලෙ ලංකාවෙ අන්තර්ජාල සේවාවන් බොහොම පහල මට්ටමක තිබුනෙ. පෙන්ටියම් 3 පරිගණකයක් මිලදීගෙන W200 කියන පොඩි ජංගම දුරකථනයක් පරිගණකයට සම්බන්ධ කරගෙන තමයි මේ සියල්ලම ආරම්භ කලේ. ඇඩ් ක්ලික් කරන එකේ සිට ඒවෙද්දි අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තුබුනු ක්‍රම සියල්ලක්ම උත්සාහ කරා. මේ විදියෙ ක්‍රම වලින් මුදල් උපයාගෙන වසර දෙකකට පමණ පස්සෙ මගේ ලඟ ඇඩ්සෙන්ස් මගින් ඉහල ආදායම් ලබන වෙබ් අඩවි කීපයකුත් මටම කියා Dedicated සර්වරයක්, ඒ වෙද්දි ඉහල ගුනාංග වලින් සතු වුන පරිගණක 2ක් සහ තවත් බොහෝ දේවල් උපයගෙන් තිබුනා. තවද Fiverr වෙබ් අඩවියේ ඉහලින්ම සිටින සේවා සපයන්නෙක් වෙන්නත් පුලුවන්කම ලැබුනා. එතනින් පස්සෙ මගේ ගමනේ මා සතුවුනු අත්දැකීම් සමග පහසුවෙන් ඉදිරියට යන්න හැකියාව ලැබුනා.

    නමුත් මේ ප්‍රථම අවුරුදු දෙක තමයි මගේ ජීවිතයේ අමතකම නොවෙන අවුරුදු දෙක සහ ඉතාමත් දුෂකරම අවුරුදු දෙක. සමහර දවස් වල එක දිගට පැය 30කටත් වඩා වැඩ කල දවස් තුබුනා. නමුත් ඒ ගැන ආපහු හැරිල බලද්දී මට සතුටු වෙන්න පුලුවන්. මහන්සියෙන් වැඩ කල නිසා අද වෙද්දී මට බොහෝ දේවල් උපයාගන්න පුලුවන් වෙලා තියනව. මේ විදියට අන්තර්ජාලය හරහා සාර්ථක වෙන්න පුලුවන්කම ලැබුනත් කවදාවත් මම අලුත් දේවල් අත්හදා බැලීම නතරකරල නෑ. අන්තර්ජාලයේ පමණක් නෙවෙයි ඉන් පිටතත් ව්‍යාපාර වලට යොමු වෙන්න මට හැකියාව ලැබිල තියනවා.

    ඉතින් මේ හේතුව නිසාම මම දන්න දේ අනිත් අයට ඉගැන්වීමට සහ මටද මුදලක් උපයා ගන්න අදහසින් 2015 අවුරුද්දෙ sinhalatutorials කියන වෙබ් අඩවිය පටන්ගන්නෙ. ඒ වෙද්දි emoney කියන මාතෘකාව ගැන ලංකාවෙ හරියට ඉගැන්වෙන ආයතනයක් තිබුනෙ නෑ. මගේ ක්ශේත්‍රයේ තියන අත්දැකීම් නිසා මට ඒක සාර්ථක කරගැනීම එතරම් අමාරු වුනේ නෑ. සියලු දෙනාටම නැති වුනත් බොහෝ දෙනෙක්ට අන්තර්ජාලයෙන් මුදල් උපයාගන්න උදවු කරන්න මට හැකියාව ලැබුනා.
    ------------------
    ඉතින් මේ අතරේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන එක ගැන හරියට දන්නෙ නැතිව අනෙත් අයට ඇඩ් එකක් ක්ලික් කරන එක ගැන කියාදී කීයක් හරි උපයගන්න පිරිසට මේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි වුනා. ඒ අය මගේ නමින් ඒ කියන්නෙ විරාජ් පතිරණ කියන නමින් එක එක ෆෝරම් වල මගේ නමට අපකීර්තියක් වෙන විදියට යම් යම් ක්‍රියා කරන්න පෙළබිලා තියනව. කවුරු කොහොම මඩ ගැහුවත් මට කමක් නෑ. මොකද මමත් ඒවාට පිලිතුරු දෙන්න ගියොත් මම කරන්නෙ මෝඩ වැඩක්. ඒ කාලය මම මගේ ව්‍යාපාර වලට යොදවන එක තමයි මගේ ප්‍රතිපත්තිය.

    අනෙක් කාරණය තමයි විරාජ් පතිරණ කියන්නෙ මගේ ඇත්ත නම නම් නෙමෙයි. බොහෝමයක් කතෘවරුන් කරන දෙයක් විදියට මමත් මගේ පොත් වලට අනුවර්ථ නාමයක් තමයි භාවිතා කරන්නේ. (pseudonym)

    මගේ සත්ය නම ප්‍රකාශ කරන්න බැරි වුනත් මේ එකතුවේ ekathuwa කියන ඇඩ්මින් ගිනුමෙන් ඵල කරන දෙයක් ඇරෙන්න වෙනත් දේ මාගේ යැයි විශ්වාස නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.

    මම කොපමන කාර්යබහුල වුනත් දවසකට එකතුවට එක් වතාවක් හරි ඇවිත් යන්න අමතක කරන්නෙ නෑ. සමහර අය මේ විදියට මේ එකතුව ෆෝරම් එකෙත් එක එක මඩ ගහන්න උත්සාහ කරනව. මම ඒ වගේ post එකක් දැක්කොත් කරන්නෙ ඒක ක්ෂණිකවම ඉවත් කරන එක. ඒව කියවන්නවත් මගේ කාලය වැය කරන්න මම කැමති නෑ.

    ඉතින් මේ වගේ දැකපු පෝස්ට් එකක් මගේ අතින් වැරදීමකින් Delete වෙලා තියනව. ඒ තාරුරොක්ස් කියන සහෝදරයගෙ පොස්ට් එකක්. ඒ කතාව මම දැනගනිත්දි ප්‍රමාද වැඩියි. ගිනුම ඩේටා බේස් එකෙන් recover කරන්න උත්සාහ කලත් ඒක අසාර්ථක වුනා. මගේ නමින් වෙනත් කෙනෙක් වෙනත් ෆෝර්ම් එකක ඒ සහෝදරයා එකතුවේ ඵල කරපු පෝස්ට් කීපයක් කොපි කරල දාල තියනව. ඒ ගැන එකතුවෙ කියල තිබුනු පෝස්ට් එකක් තමයි මගේ අතින් Delete වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ පෝස්ට් දාන ගිනුම් ඉදිරියටත් ස්පෑම් කරන එක වලක්වන්න බැන් කරන එක තමයි කරන්නේ.

    මේ ගැන මම ප්‍රසිද්දියේම ඒ සහෝදරයගෙන් සමාව ඉල්ලා සිටිනවා. එකතුවේ ගිනුම ඉවත් කිරීම පිලිබඳ අත්වැරැද්දේ සම්පූර්ණ වගකීමද මම බාර ගන්නව.

    මාගේ වෙබ් අඩවියේ ඵල කරන දෙයක් වෙනත් වෙබ් අඩවියක කොපිකර ඵල කිරීමෙන් මා හට ඇති ප්‍රයෝජනයක් නොමැති බවත් මෙයින් ප්‍රකාශ කර සිටින අතර ඔබ එවැනි යමක් දුටුවහොත් වහාම මා හට හෝ වෙනත් ඇඩ්මින් වරයෙකුට දන්වා සිටින ලෙසත් ඉල්ලා සිටිමි.

    -----------------

    sinhalatutorials කියන්නේ මගේ ව්‍යාපාර වලින් පොඩි කොටසක් පමණයි. මම මේ දිනවල ඉන්නෙ චීනයේ shenzhen කියන ප්‍රදේශයේ. ඒ චීන්නුන්ට emoney ගැන කියාදෙන්න නම් නෙවේ :) ලෝකය පුරා ඉල්ලුම්කරුවන්ට තොග වශයෙන් සහ සිල්ලර වශයෙන් භාණ්ඩ අපනයනය කරන සමාගමක් චීනයේ පිහිටුවන්න 2016 මැයි මාසයේ මට හැකියාව ලැබුනා.

    චීනයේ අන්තර්ජාලයෙන් .lk වෙබ් අඩවි වලට පිවිසෙන්න බෑ. ඒක නිසා VPN එකක් භාවිතා කරල තමයි මම පොඩි වෙලාවකට හරි එකතුවට ඇවිත් යන්නේ. ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුනොත් මගේ දුරකථන අංකය +8613054462486

    මේ අංකය මම දීල තියෙන්නේ මගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට මාව සම්බන්ඳ කරගන්න. මේ දිනවල සිදුවන දේත් සමග මේ අංකය මම ප්‍රසිදියේම ඵල කරනව. ඒත් ඔයගොල්ලන්ට ගැටලුවක් තිබුනොත් කරුණාකර ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 8.00ත් සවස 2.00ත් අතර කාලයේ පමණක් අමතන්න.

    මම කැමතියි ඔයගොල්ලන්ට අවවාදයක් දෙන්න. ඔයාලට කවුරු හරි මඩ ගහනව නම්, එවාට පිලිතුරු දෙන්න ගිහින් ඔයාලගෙ කාලය නාස්තිකරගන්න එපා. යමෙක් ඔබට මඩ ගහන්නෙ ඔබ සාර්ථක පුද්ගලයෙක් නම් පමණයි. කවුරුවත් අසාර්ථක පුද්ගලයෙක්ට මඩ ගහන්නෙ නැති නිසාත් ඔබට එසේ කරන්නේ ඔබට ඇති සාර්ථකත්වය නිසා බැවින් ඒ සාර්ථකත්වය ගැන සතුටු වෙන්න.

    හැම දෙනාටම තෙරුවන් සරණයි!
    ChathinduSLLakJayanamalArea_Master
  • ekathuwa
    ekathuwa
    යම් අය අසන ප්‍රශණ කිහිපයකට පිලිතුරු.

    ඕනෑම ව්‍යාපාරයකදී අලෙවිය සඳහා ඇඩ් ඵල කිරීමට සිදුවේ.යමෙක් අපගේ ඕනෑම ආයතනයකින් යමක් මිලදී ගත්පසු එයින් සෑහීමකට පත් නොවනේ නම් ඔවුන්ගේ මුදල් නැවත ලබාදීමට සමාගමක් ලෙස බඳී ඇත..
    --------------
    weblog (pvt) Limited - ශ්‍රී ලංකා රජයෙන් සහ පාරිභෝගික සේවා අදිකාරියේ නිසියාකාරව ලියපදිංචි වී අනුමැතිය ලබාගෙන ඇති ආදායම් බදු ගෙවන සමාගමකි. යම් අය පවසන පරිදි ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකාවේ හොර සමගම් සාදාගැනීමට හැකියාවක් නොමැති බව උගත් අය නම් දනිති.

    යමෙක්ට අප සමාගම පිලිබඳව යම් ගැටලුවක් වේ නම් මෙලෙස ෆෝරම් වල ඵල කිරීමෙන් ඵලක් නොමති බවත් ඒ පිලිබඳව ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය හැකියාවක් ඇති බවත් මතක් කර දීමට කැමතියි.
    ------------
    දැනට ලංකාවේ ඇති සියලුම emoney පිලිබඳව ඉගැන්වෙන සමාගම් බොරු කරන බව මා කිසිවිටකත් පවසා නැත.

    ඇඩ් ක්ලික් කිරීම අසාර්ථක බවද මා කිසිවිටකත් පවසා නොමැත. එයින් ලබාගත හැක්කේ ඉතා සුලු මුදලක් බවයි මා පවසන්නේ. අපගේ ආයතනයේ පොත් වලද මෙම ඇඩ් ක්ලික් කිරීම පිලිබඳවද පාඨකයින් දැනුවත් කරන ලිපි ඵලකර ඇති අතර මෙය පූර්ණ කාලිනව නොකල යුතු බවද අපි ඔවුන්ව දැනුවත් කර ඇත.
    ------------

    ඔබගේ අදහස් ඵල කිරීමට කරුණාකර ශිෂ්ඨ සම්පන්න ලෙස සාඛච්චාවේ යෙදෙන මෙන්ද ඉල්ලා සිටිමි.




    ChathinduSLArea_Master
  • ekathuwa
    ekathuwa
    @litchBack

    මෙය පැහැදිලිවම මඩ ප්‍රහාරයක් නිසා සහ යම් යම් කරුණු වල අසත්‍ය බව නිසා මෙවැනි ප්‍රකාශ මා විසින සහ වෙනත් moderator වරුන් විසින් ඉවත් කරනු ලැබේ.

    මෙම ප්‍රකාශ ෆෝරම් වල ඵල කිරීමේන් ඇති ඵලක් නොමැති බව මා නැවතත් ප්‍රකාශ කර සිටිමි. කරුණාකර එවැනි වංචාවක් හෝ වෙනත් ආකාරයේ "හොරකමක්" ඔබට සිදුවී ඇත්නම් ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇති බව මා නැවතත් මතක් කර දෙමි.

    --------------------

    මා විසින් මෙවැනි විස්තරයක් ඵල කලේ එකතුවට ආදරය කරන සාමාජිකයින්ගේ ඉල්ලීම නිසා සහ ඔවුන්ට පැන නැගුනු ගැටලුවක් නිරාකරනය කිරීමටය.

    ඔබ සියලුම දෙනා මා පිලිබඳව පැහැදීමක් නොමැති බවද මා දනිමි. යමෙක් මා කරන ව්‍යාපාර වැරදි ලෙස දකින්නේ නම් ඔවුන්ගේ දැක්ම වෙනස් කිරීමට වෙර දැරීමට මා හට කිසිදු අවශ්‍යතවයක් නොමැත.

    යමෙක් නීති විරෝදී දෙයක් කරයි නම් ඒ සඳහා ගැනීමට පියවරද බොහෝ ඇති අතර ඔබද මාගේ යම් ව්‍යාපාරයක් වැරදි ලෙස දකින්නේ නම් එවැනි ක්‍රියාමර්ගයක් ගැනීමෙන් වැලැක්වීමටද මා උත්සාහ කරන්නේ නැත. මන්ද මා නිවැරදි බව මා විශ්වාස කරන බැවිනි.

    එකතුව යනු මා විසින් තනිව පාලනය කරනු ලබන වෙබ් අඩවියක් නොවේ.මෙහි බොහෝමයක් moderator, super moderator, support staff, admin වරුන් ඔබ ඵල කරන දේ නිරීක්ශනය කරන අතර යම් යම් වැරදි ක්‍රියා පිලිබඳව ක්‍රියා කිරීමට සම්පූර්ණ බලය ඇත.

    එකතුව යනු බුධ්දිමත් සාමාජිකයින් පිරිසක් එකතු වී වැදගත් දෙයක් පමණක් සාඛච්චා කරන වෙබ් අඩවියකි. මෙයද දේශපාලනයට හෝ වෙනත් කිසිවෙකුටත් මඩගසන මඩ වලක් වීමෙන් වලක්වාගන්නා මෙන් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    එකතුවේ දැක්ම ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔබ සියලුදෙනා උපකාරී වනු ඇතැයි මා විශ්වාස කරමි.

    පෙර පැවසූ පරිදි මා විසින් මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ මගේ නම භාවිතා කර අන් අය කරනුලබන විවිද ක්‍රියා පිලිබඳව එකතුවේ සාමාජිකයින් හට ඇතිවූ ගැටලු නිරාකරනය කිරීමට මිස ඔබ සමග වාද කිරීමට නොවේ. එම කාරනය ඉශ්ඨ වූවා යැයි මා විශ්වාස කරන බැවින් සහ මේ දිනවල කාර්යබහුල බව නිසා මෙම ෆොරමය හරහා ඔබට පිලිතුරු සැපයීමට නොහැකි බැවින් මෙම සාඛච්චාව තවත් පැය 24කින් තාවකාලිකව වසා දමනු ලැබේ.. මාගේ ඉහත දුරකථන අංකය ඔබට විවෘත බව නැවතත් මතක් කර දෙමි.

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
    ChathinduSL
  • SSKuru_kNq
    SSKuru_kNq
    එකතුවේ යනකට කතා අනුව......ඔයා fake ලු ඒක ඇත්තද ?

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions