කාරුණික නිවේදනයයි.

Root_x
Root_x
edited January 10 in සාකච්ඡා
කාලෙකට පස්සෙ එකතුවට එන්න ඉඩක් හම්බ උනේ. පහුගිය ටිකේ ගොඩක් වැඩ එක්ක මේ පැත්තට එන්න බැරි උනා. යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා ඒ සම්බන්ධව. මම දැක්ක ෆෝරම් එකේ ස්පෑම් කරලා තියෙන දිගටම. ඔයාල කවුරුත් දන්නවා දැන් මේ ෆේරම් එක පවත්වාගෙන යන්නෙ විරාජ් පතිරන සහෝදරයා. එයාට විරුද්ධව මඩ ප්‍රචාරයක් අරගෙන යන පුද්ගලයෙක් තමයි මේ වැඩේ කරනවා කියලා දැනගන්න ලැබුනේ. එයාට ගෙඩක් කාරුනිකව කියන්නෙ. එකතුව කියන්නෙ අධ්‍යාපනික ෆෝරම් එකක්. තමන්ගේ පුද්ගලික තරහ මරහා මේක ඇතුලට අරගෙන එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතාබහ කරලා විසදගන්න. මේකට එන පිරිස එන්නෙ යම් දෙයක් ඉගෙනගෙන යන්න. ඒ නිසා එකතුවේ ස්පෑම් කරලා ඒ අයට ඔයා කරන්නෙ ලොකු අසාධාරනයක්. මට කිහිපදෙනෙක්ම පෞද්ගලිකව මේ ගැන කිව්වා. ඒකයි මන් අද මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

එකතුවේ ආදරණිය සාමාජිකයන්ගෙන් ඉල්ලන්නෙ ඔයාල ඒ ස්පෑම් පොස්ට් දැක්කොත් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. එහෙම පොස්ට් රිපෝට් කරන්න. අපි පුලුවන් විදිහට ඒවා ඉවත් කරන්න කටියුතු කරන්නම්. ඔයාලට සිදුවුන අපහසුතා ගැන ගොඩක් කනගාටු වෙනවා. එකතුව අද මේ තත්වෙට ගන්න අපි ගොඩක් මහන්සි උනා කියලා ඉස්සර ඉදලා මේක ඉදපු අය දන්නවා. අපිට මේක නිසි විදිහට නඩත්තු කරන්න අවශ්‍ය කාලය හා මුදල් පිලිබද ඇතිවුන ප්‍රශ්නයක් නිසා තමයි විරාජ් පතිරන සහොදරයා ඇතුලු එයාගේ සමාගමට මේක පැවරුවේ. ඒ උනත් අපේ සාමාජිකයන්ට කිසිම අසාධාරනයක් වෙලා නැහැ කියලා මම බය නැතුව කියනවා. මේක කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න අය විවිධ මඩ ප්‍රචාර කරමින් ගොඩක් මහන්සි වෙනවා කියලත් දන්නවා. එයාලට නැවතත් කියන්නෙ පෞද්ගලික තරහ මරහා මේක ඇතුලට ගෙන්න උත්සහ කරන්න එපා.

අපි එකතුවත් එක්ක ඉස්සරහටත් ඉන්නවා. මේක වට්ටන්න ඉස්සර ඉදලම ගොඩක් කට්ටිය උත්සාහ කරා. ඒත් එකතුව වට්ටන්න බෑ. වැටෙන්න දෙන්නෙත් නෑ. එකතුවට ජය වේවා !
ChathinduSLChandiToRa
image

Comments

  • dhanushka
    dhanushka
    Senior Level edited January 10
    @Root_x ඒත් මෙතන ලොකු ගැටළුවක් තියනවා... දාන වැදගත් පෝස්ට් කොපි කරලා එලකිරි එකේ ඵල කරලා තිබුනා.. මේ විදිහේ දෙවල් වෙන කොට ගැටළු ඇති වෙන එක සාමාන්‍යයි.. ඔය කියන විදිහට මේ හැම දෙයක්ම කාගේ හරි මඩක් නම් ඒ කවුද, ඇයි එහෙම කරන්නේ කියන දේ සම්බන්දව මේවට දැනුවත්ව හෝ නොදැනුවත්ව භාජනය වන අය දැනගතයුතුයි කියලා මම හිතනවා.. මීට වඩා විවෘතව මේ ගැනසකච්චා කලා නම් වඩාත් හොදයි කියන එක තමා මගේ අදහස.. මඩ ගහනවනම් මේක ඇතුලේ මඩ ගහන පෝස්ට් ඉවත් කරන්න එපා... ඒ වෙනුවට ඒවට සෘජු පිළිතුරක් දෙන්න.. ඒක තමා හොදම දේ.. එහෙම නේද? ඔයාල හරි මේ විදිහට නිවේදනයක් නිකුත් කරන්න මෙච්චර කාලයක් ගියා, ඒත් වර්ථමාන ඇඩ්මින් තාම සෘජු පිලිතුරක් දීලා නැහැ..

    ඒ වගේම තරුරොක්ස්, එයා වැදගත් දෙයක් මේ තුළ බෙදාහදා ගන්න උත්සහ කලා, ඒ වගේම එයාට වුනු අසාධාරණය ගැන එයා කෙලින්ම මෙතන කතා කලා.. ඒත් දැන් එයාගේ එකතුව එකවුන්ට් එකවත් නැහැ... එහෙම වෙද්දි මේක මඩක්ද නැත්තන් වෙන දෙයක්ද කියලා සැක හිතෙන එක සාධාරනයි නේද?

    ගොඩක් අය ප්‍රහ්න කරන්නේ අපිව, චොදනා කරන්නේ අපිට... පිළිතුරක් අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා මේ හැම කෙනෙක්ටම...

    මමත් මුල් කාලේ ඉදන්ම වගේ හිටපු කෙනෙක්... ඒනිසා ගොඩක් දුකයි වර්ථමාන තත්වේ ගැන...
    ChathinduSLemember
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • SFC
    SFC
    මටත් spam messages ආවා එකතුවෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත , දන්න දේත් බෙදාගත්ත ලන්කාවෙ forums වලින් මන් හිතන විදිහට හොදම forum එක තමා එකතුව කියන්නේ ඉතින් ඔය spam කාරයන්ගෙ මෝඩ වැඩ වලින් එකතුව වට්ටන්න බෑ
    ChathinduSL
    < C0d3xsl @ S.F.C />
  • Chandi
    Chandi
    @Root_x bro, matath account 5kin withara ohoma msg awa.

    eka paththakin e spam eka sadarana wennath puluwan... thawa paththakin nowennath puluwan...

    moka unath adala naha math godak dewal igana gaththa and inna ekama form eka ekathuwa hmmm
    jathake wadak nahane... kathawa hodanam kiwalu
    ChathinduSL
    Why join the navy if you can be a pirate ?
  • tharindus
    tharindus

    @dhanushka

    ge adahasata mamath ekagai meya kiyana de hari 100%kma
    dhanushkaChathinduSL
  • Area_Master
    Area_Master
    Senior Level
    @Root_x මල්ලී ඔය නිවේදනය ප්‍රමාණවත් මදි කියලයි මම හිතන්නේ. පළවෙනියටම ඔයා පිළිගන්න ඕනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ස්පෑම් කිරීමකට වඩා වෙනස්. දෙවනියට මේකේ වර්තමාන ඇඩ්මින් අදවෙන කොට කිසිම නිවේදනයක් නොදැමීම මඟින් හිතෙන්නේ ප්‍රශ්න වලින් පැනයන සැඟවී යන ආකාරයක්. අනික් වැදගත්ම දේ තමයි එකතුව තුළ විරාජ් පතිරන සහෝදරයාට එරෙහිව කවුරු හරි යම් ත්‍රෙඩ් එකක් දැම්මොත් එක පැය 24 යන්න කළින් වසාදමා එය දැමූ පුද්ගලයාව බෑන් කරනවා. පසුව ඒ ත්‍රෙඩ් එක 2වෙනි පිටුවට ගිය ගමන් ඒ ත්‍රෙඩ් එකත් මකාදමනවා.

    මෙතන ඇති වැදගත්ම දේ නම් ඒ ත්‍රෙඩ් එක ස්පෑම් ලෙස එකතුව තුළ පළනොවී තිබීමයි. එනම් එකම දේ නැවත නැවත පළකර නොතිබීමයි. වී ඇති එකම දේ වනුයේ විරාජ් පතිරන සහෝදරයා ගැන යම් කිසි සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා ප්‍රවෘත්තියක් පළවී තිබීමයි.

    අපිට තියන ගැටළුව තමයි තමන්ට විරුද්ධව එන චෝදනාවලට පිළිතුරු නොදෙන්නේ ඇයි කියන එකයි.
    කිව්වා: ඒත් මෙතන ලොකු ගැටළුවක් තියනවා... දාන වැදගත් පෝස්ට් කොපි කරලා එලකිරි එකේ ඵල කරලා තිබුනා..
    මෙන්න මේ සිදුවීම සත්‍යයක් නම් එක එකතුවේ සාමාජිකයන්ට කරන ලොකුම ලොකු අසාධාරනයක්.
    කිව්වා: එකතුවේ ආදරණිය සාමාජිකයන්ගෙන් ඉල්ලන්නෙ ඔයාල ඒ ස්පෑම් පොස්ට් දැක්කොත් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. එහෙම පොස්ට් රිපෝට් කරන්න. අපි පුලුවන් විදිහට ඒවා ඉවත් කරන්න කටියුතු කරන්නම්.
    ඒවා ඉවත් කරන්න එපා. ඒවගේම ඒවාට පිළිතුරු නොදෙන්න කියලාත් කියන්න එපා. මොකද ඒක සාමාන්‍ය ස්පෑම් එකක් විදිහට නෙවෙයි පළවෙන්නේ.
    ChathinduSLRoooootdhanushkaemember
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: එනම් එකම දේ නැවත නැවත පළකර නොතිබීමයි.
    thread newei area messages balannna. mta oka gana messages 3k awa.
    Area_Master
  • emember
    emember
    Senior Level
    @dhanushka saha @Area_Master kiyapu dewal ekka 100% ekangayi. Methana prashnayak naha kiyanna baha.
    ChathinduSL
  • HarinduM
    HarinduM
    Senior Level
    අම්මෝ!!! ආපු නැති කාලෙට හුගක් දේවල් වෙලා වගේ!!! ප්‍රශ්නේ දරුණුයි වගේ!!!
    මෙන්න මගේ බ්ලොග් එක. පෝස්ට් බලලා comment එකක් එහෙම දාල එන්න. image
    website එකක් පාවිච්චි කරලා තියෙන wordpress theme එක මෙතනින් ගිහින් හොයාගන්න - http://whatwptheme.trickslk.com/
    ඔන්න මගෙන් Avatar Maker එකක්. - http://avatars.trickslk.com/ ගිහිල්ලම බලන්නකෝ.
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions