ළමා නිවාස වල ඉන්න අහිංසක නංගිලා මල්ලිට දෙන්න පුලුවන්, නමුත් හැමොම නොදෙන පොඩි පොඩි දේවල් ගැන

sineth
sineth
edited December 2016 in සාකච්ඡා
ළමා නිවාස වල ඉන්න අහිංසක නංගිලා මල්ලිට දෙන්න පුලුවන්, නමුත් හැමොම නොදෙන පොඩි පොඩි දේවල් ගැන ඔයාලා හිතන අදහස් කියන්නකෝ.

අධ්‍යාපනික උපකරන, ගැන තමා හිතන්නේ මමනම්,

eg පැන්සල්, මක්ක කැලි, හැමොම දෙනවා එත් පැන්සල් උල් කරන කටර් දෙන්නේ කිහිපදෙනෙක්.

අන්න ඒ වගේ වැදගත්ම වේවි කියල හිතන එවා...

මට මේ පර Hiru TV එකෙන් ඔගනයිස් කරන "මෙදාසැරේ අපිටත් නත්තල්" ප්‍රොගැම් එකත් එකත් එක්ක එකතුවෙන්නයි අහන්නේ.

ඔයාලත් පුලුවන්නම් ජොයින් වෙන්න පුලුවන් විදිහට.

@madhawa_h @dhanushka @bro ... etc
winners never QUIT and quitters never WIN

Comments

  • madhawa_h
    madhawa_h
    Senior Level
    ඇත්ත, :)
    තව ඔහොම ගොඩක් දේවල් තියෙනව සමාන්‍යයෙන් නොදෙන.

  • dhanushka
    dhanushka
    Senior Level
    මචං ගොඩක් වෙලාවට ඇදුම් වලින්නම් අන්ඩර්වෙයාස් ලැබෙනවා අඩුයි.. මේස් ජෝඩු කිහිපයක් අනිවාර්යෙන් අරන් යන්න... මේක මම ප්‍රාෙයා්ගිකව දන්න දෙයක්... අපි කලින් ඔය වගේ දෙයක් කරද්දී ඒ ගැන දැන ගන්න ලැබුණා.. පාසල් පොත් පත් නම් සාමාන්‍යෙයන් ලැබෙනවා නේද? පොත් පත් අතරින් ඊංග්‍රීසි මාධ්‍ය කතන්දර පොත් වගේ දේවල්.. පොඩි ළමයිට දෙන්න පුලවන් කතන්දර පොත් වගේ ඒවත් වටිනවා.. ඔයාට පුලවන්නම් ලස්සන ධර්මකතා තියන චිත්‍රකතන්දර පොත් තියනවා , “මහමෙව්නාව“ අසපුවකට ගිහින් ගන්න පුලවන්.. ලොකු ගානක් වෙන්නෙත් නැහැ.. එතනනම් කතන්දර පොත් ගොඩක් තියනවා.. මගේ මතකේ හැටියට ඒවායේ කීපයක ඉංග්‍රීසි පරිවර්තනත් තියනවා. මීට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ලඝු ගණක සහ තවත් ගණිතය හා සම්බන්ද පොතක් තියනවා.. ඒවගෙන් කීපයක් ගිහින් දුන්නනම් සා/පෙළ කරන අයට උ/පෙළ කරන අයට වැදගත් වෙයි.. තව... පොදුවේ සනීපාරක්ෂක කටයුතු වලට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් අරන් යන්න. (ටොයිලට් බ්‍රෂ්, බයෝ ක්ලීන් / හාර්පික්) වගේ දේවල්...
    madhawa_hChathinduSL
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • sineth
    sineth
    @dhanushka thank you so much bro. ideas godak watinwa. mata puluwan uparimayen karanawa bro.
    ChathinduSL
    winners never QUIT and quitters never WIN
  • Bro
    Bro
    මචන් මම දැන් දැක්කේ.ඔව් ඒක නම් ඇත්ත. ගොඩක් අය දෙන්නේ එකම ඒවා. වෙනස් දෙයක් දෙන්න හිතුව එක හොඳයි. මචන් හැමෝම එක එක දේවල් දෙනවා.ඒත් තීන්ත ටිකක් ගාලා සුද්ද කරලා දෙන්නේ ටික දෙනයි නේද. Dhanushka කිව්ව එකත් හරි. බැනියම් එහෙමත් ලැබෙනවා අඩුයිනේ. අනික ඒගොලන්ට හොඳ කෑම වේලක් දෙන්න ත් පුලුවන්. කවුරුත් කැමතිවෙයි. කොට්ට , සබන් ,කටු වැඩ කොල, ෂීට් වගේ දේවල් , first aid box එකක් වගේ ඒවත් ගොඩක් හොඳ වෙයි.හැබැයි පොඩිම අය ඉන්න එකක් නම් ඉගෙනගන්න දෙයක් දෙන එක හොඳයි වගේ. O.l a.l කියලා වෙනසකුත් නෑ අනිවාරෙන් ඉගෙනීමට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න සහෝ. පොත් වලට කවර දාගන්න ස්ටෙප්ලර් , පින්ස් පැකට්, කොල, ඉටි කවර වගේ ඒවත් වැදගත් වෙයි. කවුරුත් කැමතීනෙ පිළිවෙලට වැඩ කරන්න..... තව කල්පනා වුනොත් කියන්නම් සහෝ. නියම වැඩක්!!

    dhanushkaChathinduSL
  • madhawa_h
    madhawa_h
    Senior Level
    කිව්වා: මචං ගොඩක් වෙලාවට ඇදුම් වලින්නම් අන්ඩර්වෙයාස් ලැබෙනවා අඩුයි.. මේස් ජෝඩු කිහිපයක් අනිවාර්යෙන් අරන් යන්න... මේක මම ප්‍රාෙයා්ගිකව දන්න දෙයක්... අපි කලින් ඔය වගේ දෙයක් කරද්දී ඒ ගැන දැන ගන්න ලැබුණා.. පාසල් පොත් පත් නම් සාමාන්‍යෙයන් ලැබෙනවා නේද? පොත් පත් අතරින් ඊංග්‍රීසි මාධ්‍ය කතන්දර පොත් වගේ දේවල්.. පොඩි ළමයිට දෙන්න පුලවන් කතන්දර පොත් වගේ ඒවත් වටිනවා.. ඔයාට පුලවන්නම් ලස්සන ධර්මකතා තියන චිත්‍රකතන්දර පොත් තියනවා , “මහමෙව්නාව“ අසපුවකට ගිහින් ගන්න පුලවන්.. ලොකු ගානක් වෙන්නෙත් නැහැ.. එතනනම් කතන්දර පොත් ගොඩක් තියනවා.. මගේ මතකේ හැටියට ඒවායේ කීපයක ඉංග්‍රීසි පරිවර්තනත් තියනවා. මීට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දෙන ලඝු ගණක සහ තවත් ගණිතය හා සම්බන්ද පොතක් තියනවා.. ඒවගෙන් කීපයක් ගිහින් දුන්නනම් සා/පෙළ කරන අයට උ/පෙළ කරන අයට වැදගත් වෙයි.. තව... පොදුවේ සනීපාරක්ෂක කටයුතු වලට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් අරන් යන්න. (ටොයිලට් බ්‍රෂ්, බයෝ ක්ලීන් / හාර්පික්) වගේ දේවල්...
    මම අදහස් කළෙත් මේ වගේ දේවල් තමා. තව ගැහැණු ළමුන්ට අවශ්‍ය වෙන විශේෂ දේවල් එහෙම.
    ChathinduSL
  • dhanushka
    dhanushka
    Senior Level
    මේ වගේ හොද වැඩ වලට කැමතිනම් මම තව පොඩි දෙයක් ගැන කියන්නම්.. මහමෙව්නාව අසපුවෙන් අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනයට දක්ෂ දරුවන්ට බාර කාර මවක් වෙන්න පියෙක් වෙන්න අවස්ථාවක් ඔයාලටත් හදලා දෙනවා.. ඒකට ඔයා කඩුවෙල මහමෙව්නාව අසපුව හරහා හරි, ශ්‍රද්ධා රූපවාහිනිය හරහා හරි (මෙහි මධ්‍යස්ථානයත් කඩුවෙල මහමෙව්නා අසපුවමයි) සම්බන්ද වෙන්න පුළවන්. මාසිකව යම් මුදලකින් ඒ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට උපකාර කරන්න ඔයාලටත් පුළවන්. වැඩි විස්තර මේන්න මේ ශ්‍රද්ධා වෙබ් අඩවියෙන් දැන ගන්න පුලවන්. ඒකේ තියන අංකෙට කතා කරලා ඔයාලටත් සමාජයට ලොකු උපකාරයක් කරන්න හෛාද අවස්ථාවක් උදා කරගන්න පුළුවන්...
    http://www.shraddha.lk/education-scholarships/
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions