භාවිතයට උපදෙස් සහ නීති රීති

භාවිතයට උපදෙස්

එකතුව සිංහල ෆෝරම් එක නිර්මානය වුනේ ලංකාවෙ ඉන්න දැනුම ලබාගන්න සහ දැනුම බෙදාගන්න කැමති අයට. තාක්ෂනික සහ අධ්‍යපනික ඕනෑම දෙයක් පිලිබදව එකතුවේ සාකච්චා කරන්න සහ ඒ පිලිබදව එකතුවේ ඉන්න අනිකුත් සාමාජිකයන්ගේ අදහස් දැනගන්නත් පුලුවන්. එකතුවත් සමග විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් සහ අත්දැකීම් බහුල ගොඩක් දෙනා ඉන්න නිසා ඔයාගේ ගැටලුවට සාර්ථක පිලිතුරක් පහසුවෙන්ම ලබාගන්න පුලුවන් වේවි. එවගේම ඔයාට සිංහලෙන්ම පිලිතුරු ලබාගන්න අවස්ථාව තියෙනවා.
ඔබ තවමත් එකතු වෙලා නැත්තම් අදම එකතු වෙන්න. දැනුම ගවේෂණය කරන්න !

එකතුවත් එක්ක එකතු වෙන්නෙ කොහොමද ?

එකතුවේ සාමාජිකත්වය ලබාගැනීමෙන් ඔයාට එකතුවත් එක්ක එකතු වෙන්න පුලුවන්. එකතුවේ සාමාජිකත්ය ලබා ගැනීම සදහා මෙතනින් යන්න..තවද එකතුවේ සාමාජිකත්වය ලබාගැනීමට අප විසින් ඔබට ක්‍රම කිහිපයක් ලබා දී තිබෙන අතර පහසු ක්‍රමයක් බාවිතා කර එකතුවත් එක්ක එකතු වෙන්න පුලුවන්..

සාකච්චාවක්/ගැටලුවක් ආරම්භ කරන්නෙ කොහොමද ?

"සාකච්චාවක් ආරම්භකරන්න" මගින් ඔබට නව සාකච්චාවක් ආරම්භ කරන්න පුලුවන්.

ගැටළුවක් යොමු කිරීමට,


මෙහිදී ඔබගේ ගැටලුවට/සාකච්චාවට ගැලපෙන මාතෘකාවක් යෙදීමට සහ එය නිවැරදි Category යේ පලකිරීමට වග බලාගන්න.


එකතුවේ නීති රීති



+ එකතුව තුල අනවශ්‍ය පරිදි SPAM කිරීමෙන් වලකින්න

+ නිතරම අදාලා දේ පමනක් සාකච්චා කරන්න. ( උදා- මගේ කෙල්ල බුට් එක තිබ්බා, කුරුලෑව කැඩුනා, කොන්ඩේ සුදු වෙනවා වගේ තාක්ෂනික සහ අධ්‍යාපනික ෆෝරම් එකකට අදාල නොවන දේවල් )

+ වැඩිහිටියන්ට පමනයි / අසභ්‍ය දෑ එකතුවට ඇතුලත් කිරීමෙන් වලකින්න

+ එකතුව තුල අසභ්‍ය වචන භාවිතයෙන් වලකින්න.

+ කිසිදු කෙනෙකුට/වෙබ් අඩවියකට/ආගමකට/කොට්ඨාශයකට අපහාස වන අයුරින් සාකච්චා ආරම්භ කරන්න එපා.

+ අනවශ්‍ය ලෙස ප්‍රචාරාත්මක සාකච්ඡාවන් ආරම්භ කරන්න එපා.

+ ෆෝරමය තුල ගැටම් ඇති කරගැනීමෙන් වලකින්න.

+ එකතුව තුලදී ඔබට Signature එකක් භාවිත කිරීමට හැකිය. එහිදී Images යොදා ගැනීමෙන් වලකින්න. තවද ඉතා දිගු Signature යෙදීමෙන් වලකින්න.

+ ඔබ එකතුවේ යම් වෙබ් අඩවියකින් උපුටා ගත් දෙයක් පලකරන්නේ නම් එම වෙබ් අඩවියේ ලින්කුව සදහන් කරන්න.

+ කිසිම විටක ඔබගේ පෞද්ගලික දත්ත එකතුවේ හූවමාරු කරගැනීමෙන් වලකින්න (බැංකු ගිණුම් විස්තර / රහස්පද / වැනි දෑ ) එසේ හුවමාරු කරගන්නෙ නම් එහි වගකීම ඔබ භාරගතයුතු වේ.

+ එකතුව තුලදී ඕ‍නෑම සාමාජිකයෙකුට තම අදහස් සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට සම්පූර්න අයිතිය පවතින නමුත් අපහාස කිරීමට අයිතියක් නොමැත. (විවේචනය සහ අපහාස කිරීම යනු කාරනා දෙකක් බව මතක තබාගන්න)

+ පෞද්ගලික ප්‍රශ්න මේක ඇතුලට ගේන්න එපා. මේකෙ ප්‍රශ්න එලියට ගෙනියන්න උත්සාහ කරන්නත් එපා.

+ මෙම ෆෝරමය ඇතුලත වෙවත් ෆෝරම් වෙබ් අඩවිවල ලිංක් පලකිරීමෙන් වලකින්න. එසේ පලකරන ලිංක් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරන බව සලකන්න.

+ එක් සාමාජිකයෙකුට ෆෝරමය තුල ගිනුම් කිහිපයක් පවත්වාගෙන යාමට අවසර නැත.

+ මුදල් ඉපයීමේ මාර්ග/වෙබ්අඩවි පිලිබද ලිපි පලකිරීමේදී payment proof ඉදිරිපත් කිරීමට කාරුනිකවන්න.

+ ෆෝරමය තුල Referral links පලකිරීමේ දී ඒ අසලින්ම එහි non Referral link එකත් ඇතුලත් කිරීමට වග බලාගන්න.

+ කවුරුන් හෝ කිසිදු අයුරකින් මෙම නීති රීති කඩ කර ඇත්නම් ඇඩ්මින් වරුන් දැනුවත් කරන්න.

+ මෙම නීති පනවා ඇත්තෙ එකතුව වෙබ් අඩවියේ පාලනයට සහ අනාගත සුභ සිද්ධිය උදෙසා මිස කිසිදු අයෙකු අපහසුතාවට පත්කිරීමට නොවන බව කරුනාවෙන් සලකන්න.

වෙබ් අඩවිය තුළදී ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් සදහා,

[email protected] මාර්ගයෙන් සම්බන්ධ කරගන්න..

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions