හැකින් වලදි රියල් ,ෆෙක් සහ හඩ්වෙයා බලපන්නේ කොහොමද ? and more!

rootboy
rootboy
ගොඩාක් කලින් තිබ්බ සාකජවන් වලින් දැක්කා ip සහ නෙට්වර්ක් ඔපරෙටර්ස්ලාගේ ලොග් වලින් සහ vpn වල පවා සල්ලි වලට විකුණන ලොග්ස් වලින් හැකර් කවුද කියලා හොයගන්න පුලුවන් කියන දෙය.

නමුත්, අපි අන්තර්ජාලය බාවිතා කරන්න ගන්න සිම් කාර්ඩ් එක [මැරුන කෙනෙකුගේ හෝ බොරු විදිහට හදුව අයිඩී කර්ඩ් එකකින් ගත්ත එකක් සිම් කර්ඩ් බාවිතයෙන් ], සහ බාවිතා කරන පරිගණකය [මම හරියටම දන්නේ නැහැ නමුත් පරිගණකයේත් ඉමි නම්බර් එකකින් හොයාගන්න පුලුවන් බව අහල තියෙනවා] සහ කවුරුත්ම නොහිතන ලොකෙශන් එක ඉදගෙන අලුත්ම චින වගේ tcr එකේ රිජිසටර් නැති ඩොන්ගල් එකක් බාවිතා කොට වගේ හැකින් කිරිම කලොත් කවදාවත්ම අහුවෙන්නේ නැහැ නෙද ?.

සිසිටිවි කැමරා වලට පවා අහු උනත්, සම්පුර්ණයෙන්ම වෙනස්ම සුව රුපයෙන් ඒවා ලග හිටියොත් එහෙම.

අවසානෙට ඒ සියලුම උපරකරණ විණාශ කරලා දැම්මොතින් එහෙම.

කිසිදු කරදයරක් වෙනෙන නැහැ නේද කවුරු කොහොම කොතනක ලොග්ස් තියාගත්තත් ?

***** එතිකල් හැකර් කෙනෙක් වෙන්න මුල්ම අකුරේ ඉදන්ම ඉගන ගන්න තැන් මොනවාද ඔයාල දන්න කැමතිනම් විතරක්ම කියලා දෙන්නකෝ.

ගොහැකින් කියලා ඉන්දියන් වෙබ් අඩවියකින් නම් ටිකක් කරුණු ඉගන ගත්තා අයේ එවගේ තැනක් වෙබ් අඩවියක් හම්බවුනේ නැහැ
dhanushka

Comments

  • rootboy
    rootboy
    නමුත් ඒ සියලුම ඩිවයිසස් අලුතෙන්ම ඒ සදහම ගත්තොතින් ?

    ඒ කියන්නේ ඔනිමනම් අපි දැන් ඉන්නේ කොතනද කියලා ip එක හරහා සජිවිවම සැටලයිට් හරහා gps වගේ හොයාගන්න පුලුවන් කියන එකද එකෙන් අදහස් වෙනෙන හෝ ඒ හා සමන දෙයක්ද ?
    -----------------------
    ඔව් මං ඔයදෙනම් මේ ලගදි අහම්බෙන් අත්වින්දා චින 4න් එකකට බැටරියක් නැති නිසා කෙලින්ම පැටරි පින් තුනට තවත් වැඩ නැති 4න් එකකින් කරන් එක දිලා තියෙනකොට බැටරිය නැති චින 4න් එකේ සිම් එක ගැලෙව්වත් සිම් එක අතේ තියාගෙන කොල්ස් ගනන්ත් sms යවන්නත් හැමදෙම පුලුවන් උනා එකටනම් ඔන්න දැන් හරියටම උත්තරය ලැබුනා ගොඩක් ස්තුතියි ShujaRafi සහොදරයා.
    dhanushka
  • rootboy
    rootboy
    @ShujaRafi සහෝ ඒ කියන්නේ මේ ලොකේ අපි කොහොම මොන දේ කෙරුවත් කිසිම කෙනෙක්ගේන් සැගවීම මේ අන්තරජාලයෙන් වැඩ කරන්න බැහැ කියන එක නේ.

    @ShujaRafi ඒ වෙනස් කතාවත් කියලාම දෙන්නකෝ. දැඩි අශාව සහ කැමත්තක් ඇත.
  • Area_Master
    Area_Master
    Senior Level
    හැකින් කියන්නේ ලංකාවේ කියාදෙන්න පවා තහනම් වූ දෙයක්. නමුත් ඔයාට දැනගන්න ඕනේම නම් මම කියන්නම්.
    හැබැයි එකක් මතක තියාගන්න. මේවා කිව්වා කියලා මොනම හේතුවකටවත් අත්හදා බලන්න යන්න එපා. මොකද දක්ෂයෙකුට ඔයා ඇත්තටම කව්ද කියලා හොයාගන්න එක මහලොකු වැඩක් නෙවෙයි.

    මචන් public network එකක්, mac address changer එකක් සහ Linux OS එකක් තියේ නම් 90%ක් - 95%ක් විතර ඔයා ආරක්ෂිතයි. මොකද මේ දේවල් භාවිතයේදී තාක්ෂණික පැත්තෙන් කාටඋනත් ඔයා එවේලේ ඉන්න තැන හොයාගන්න පුළුවන් උනත් ඔයා ඇත්තටම කව්ද කියලා ට්‍රැක් කරන්න අමාරුයි. ඒ වගේම හැමවෙලේම එකම public network එකක් සහ mac address එකක් භාවිතා නොකිරීමටත් වගබලාගන්න ඕනේ.
    rootboydhanushkaemember
  • rootboy
    rootboy
    @Area_Master සහෝ, ලංකාවේ පවා තහනම් වු දෙයක් කියන්නේ, අපිට එතිකල් කැන් එහෙම ඉගන ගන්න ලංකාවේදි කිසිම තැන්ක් නැද්ද ? නෙට්වර්ක් ඉන්ජිනෙරින් හෝ සොෆ්ට්වෙයා ඉන්ජිනෙරින් වල පර්ට් එකක් වශයෙන් හෝ.

    @Area_Master සහෝ දැන් පබ්ලික් නෙට්වර්ක් කියන්නේ සමන්‍යන් හැමොටම ලැබෙනම දෙයනේ.

    එතකොට ප්‍රයිවර්ට් නෙට්වර්ක් කියන්නේ 256 bit aes ගොඩක් ලොකු එන්ක්‍රිප්ශන් එකක් එක්ක වගේ තියෙන එකක්ද ?

    [අන්තර්ජාලයෙන් ඉගනිමට තැනක් ඇතොත් ලින්ක් එක දෙන්නකෝ..., හුදෙක් අසාවට ඉගන ගැනිමටය. ]
    Area_Master
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: සහෝ, ලංකාවේ පවා තහනම් වු දෙයක් කියන්නේ, අපිට එතිකල් කැන් එහෙම ඉගන ගන්න ලංකාවේදි කිසිම තැන්ක් නැද්ද ? නෙට්වර්ක් ඉන්ජිනෙරින් හෝ සොෆ්ට්වෙයා ඉන්ජිනෙරින් වල පර්ට් එකක් වශයෙන් හෝ.
    එතිකල් හැකින් ලංකාවේ තහනම් නෑ. ඒවා SLIIT උගන්වනවා කියලා අහලා තිබුණා මතකයි.
    කිව්වා: සහෝ දැන් පබ්ලික් නෙට්වර්ක් කියන්නේ සමන්‍යන් හැමොටම ලැබෙනම දෙයනේ.

    එතකොට ප්‍රයිවර්ට් නෙට්වර්ක් කියන්නේ 256 bit aes ගොඩක් ලොකු එන්ක්‍රිප්ශන් එකක් එක්ක වගේ තියෙන එකක්ද ?
    සරලව කිව්වොත් ඔයාට පුස්ථකාලයකින් හෝ පාසලකින් වයිෆයි මාර්ගයෙන් අන්තර්ජාලයට පිවිසීම තමයි මම පබ්ලික් නෙට්වර්ක් එකක් කියලා අදහස් කළේ. මේකේදී වයිෆයි මාර්ගයෙන් සම්බන්ධ වෙන පිරිස වැඩිවෙන තරමට ඔයාව හොයාගන්න එක අමාරුවෙනවා. වයිෆයි විතරක් නෙවෙයි වෙනත් ක්‍රම වලට උනත් සම්බන්ධ වෙන්න පුළුවන්.

    කිව්වා: [අන්තර්ජාලයෙන් ඉගනිමට තැනක් ඇතොත් ලින්ක් එක දෙන්නකෝ..., හුදෙක් අසාවට ඉගන ගැනිමටය. ]
    එහෙම තැනක් තිබ්බා ඒත් ගොසිප් කාරයන්ගේ බොරු මිත්‍යා නිසා ඒක වහන්න උනා. අවසානයේ අපරාධකාර සංවිධානයක් කියලා හංවඩු ගැහුවා.

    ඒනිසා ඉස්සරාහට එහෙම එකක් නීත්‍යානුකූල පසුබිමක් යටතේ ආරම්භ වෙනවා. ඒ සඳහා දැනටමත් තොරතුරු තාක්ෂණ අංශයේ සිටින ප්‍රවීණයන් බොහෝමයක් එකතුවෙලා ඉන්නවා. පටන්ගත්තාම දැනුවත් කිරීමක් කරන්නම්.
    rootboydhanushka
  • rootboy
    rootboy
    @Area_Master bro එකනම් ගොඩක් හොද දෙයක් හැබැයි නොමිලේම කරනවානම් තමයි හොද නැත්තම්... :wink

    සෝ, ටීම් විවර කියන සොෆ්ට්වෙයා එකේ තියෙන තක්ෂණය [හරියටම ඒ ගැන දන්නේ නැහැ හැබැයි අයිඩියා එකක් තියෙනවා] ඉටත් වඩා දිවුනු කරලා වගේ අපිට ඔනීම කෙනෙක්ගේ පරිගණකයටක් තුලට ගොස් [අවසර හෝ ක්‍රියාත්මක වෙන බව නොපෙන්න සියල්ල හදලා] ඔනීම වැඩක් කරන්න පුලුවන් නෙද ?

    ඒ වගෙම isp හෝ වෙනත් සුපිරි කෙනෙකුට අපිව රියල් ටයිම් ඉන්න තැන හෝ කරන වැඩ බලන්න පුලුවන්ද ?

    Area_Masterdhanushka
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: bro එකනම් ගොඩක් හොද දෙයක් හැබැයි නොමිලේම කරනවානම් තමයි හොද නැත්තම්...
    නොමිලේ තමයි කරන්න හිතාගෙන ඉන්නේ.
    කිව්වා: සෝ, ටීම් විවර කියන සොෆ්ට්වෙයා එකේ තියෙන තක්ෂණය [හරියටම ඒ ගැන දන්නේ නැහැ හැබැයි අයිඩියා එකක් තියෙනවා] ඉටත් වඩා දිවුනු කරලා වගේ අපිට ඔනීම කෙනෙක්ගේ පරිගණකයටක් තුලට ගොස් [අවසර හෝ ක්‍රියාත්මක වෙන බව නොපෙන්න සියල්ල හදලා] ඔනීම වැඩක් කරන්න පුලුවන් නෙද ?
    ඔයා ඔය අහන්නේ RAT (Remote Access Tool / Remote Access Trojan / Remote Administrator Tool / Remote Administrator Trojan) ගැන. එහෙම ඒවා දැනටමත් තියෙනවා.

    කිව්වා: ඒ වගෙම isp හෝ වෙනත් සුපිරි කෙනෙකුට අපිව රියල් ටයිම් ඉන්න තැන හෝ කරන වැඩ බලන්න පුලුවන්ද ?
    කාට මොන විදිහට බොරුකලත් ISP ටයි OS එකටයි Browser එකටයි බොරුකරන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ පරිගණකය හෝ මොබයිල් ඩිවයිස් එක රියල් ටයිම් ට්‍රැක් කරන්න පුළුවන්. පබ්ලික් නෙට්වර්ක් එකකදීත් එහෙමයි හැබැයි ISP ට විතරක් ට්‍රැක් වෙන්නේ පබ්ලික් නෙට්වර්ක් එක.
    rootboydhanushka
  • rootboy
    rootboy
    @Area_Master සහෝ ලොකේ මහා ගොඩක් ඉන්නවා කියන [ හැබැවටම යමක් දන්න උදවිය] හැක් කිරිම කරලා බෙරිලා ඉල්ලේ කොහොමද ?

    හැකර් කෙනෙක්ට බොට් එකක් [ අර අනුන්ගේ කම්පියුටර් තොගයක් එකතු කරගෙන ] කරන්න පුලුවන්ද ? :heran
    Area_Master
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: සහෝ ලොකේ මහා ගොඩක් ඉන්නවා කියන [ හැබැවටම යමක් දන්න උදවිය] හැක් කිරිම කරලා බෙරිලා ඉල්ලේ කොහොමද ?
    තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගෙන අවුරුදු ගානක් මහන්සිවෙලා හොඳටම පුරුදු පුහුණු වෙලා තමයි එහෙම බේරිලා ඉන්නේ. අනික තමයි දක්ෂයෝ කවදාවත් තමන්ගේ වැඩ ගැන අනුන්ට කිය කියා ඉන්නේ නෑ. ඒ වගේම 2.50 පොඩි පොඩි සිඟිති ආතල් දෙදී ඉන්නෙත් නෑ. පාවිච්චි කරන්නෙත් තමන්ගෙම දැනුමෙන් නිර්මාණය කරගත්තු ටූල්ස් සහ කෝඩ්ස් විතරයි. ඒකයි බේරිලා ඉන්න හේතුව.

    හැබැයි එකක් මතක තියාගන්න නරක අරමුණකින් කරන දේවල් කවදාවත් අඩුමගානේ තමන්වත් සෙතක් කරන්නේ නෑ. තමන්ගේ දැනුම නරක අතට යොදාගන්න එක හොඳ වැඩක් නෙවෙයි. මොකද කවදාම හරි තමන් අතින් සිදුවෙන අත්වැරැද්දක් නිසා තමාව හසුවෙන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න ඕනේ.
    කිව්වා: හැකර් කෙනෙක්ට බොට් එකක් [ අර අනුන්ගේ කම්පියුටර් තොගයක් එකතු කරගෙන ] කරන්න පුලුවන්ද ?
    පුළුවන් හැබැයි ලේසි නෑ. වෛරස් ගාඩ් වලටයි ඇන්ටි ස්පයිවෙයාර් වලටයි අහුවෙන්නේ නැතිවෙන්න කෝඩ් කරලා ක්‍රිප්ට් කරලා අන්තර්ජාලය පුරාම RAT එක මුදාහරින්න ඕනේ ව්‍යයාප්ත කරන්න ඕනේ. එහෙම කරලා තමයි බොට්නෙට් හදාගන්නේ.
    rootboydhanushka
  • rootboy
    rootboy
    @Area_Master ඒ කියන්නේ හැම සිරා සුපිරි හැකර් කෙනෙක්ම, පොදුවේ සොෆ්ට්වෙයා සහ නෙට්වර්ක් කියන පැති දෙක්ම ඉන්ජිනෙරුවන් ?

    සහෝ නොකියා කිවේ, බ්ලැක් හැට් කරස්ලාට වැඩි අයුකාලක් නෑ වගෙම වෙන ඉතාමත් සුලුම අතපසුවිමක්න් උනත් අහුවෙනවා කියන එක නේ. තමන් හැදුව සොෆ්ට්වෙයා උනත් වෙන එක චුටිම මිස්ටෙක් එකකින් හැමදෙම ඉවර වෙනවා නෙ.

    එතකොට මම ජවා ඉන්ස්ටියුට් එකේ ඉද්දි අහලා තියෙනවා අපි හදන සොෆ්ට්වෙයා එකක් ඔනීම වෙලාවක හැක් කරන්න අපිට අයිතිය තියෙනවා කියලා. ඒ වගෙම ඒවාට ක්‍රැක් දල තියෙනවාද ඒ හැම දෙයක්ම චෙක් කරන්න පුලුවන් කියලා.

    මට එහෙම දෙයක් අහු උනා " idm එකට අපි බොරු සිරියල් කොඩ් දලා ඉන්ටනෙට් කනෙක්ට් නොකර හිටියාම කිසිම අවුලක් නැහැ නැත්තම් හොස්ට් ෆයිල් බ්ලොක් කලාම" එත් කනෙක් කරලා ටිකකින් ෆෙක් කී කියනවා. ඒ කියන්නේ එතන ඔටෝ මැටික් හැකින් හෝ/ චෙකින් එකක් වෙනවා කියන එකනේ.

    ඒ වගේ දෙවල් නිතිවිරොදි වෙන්නේ නෙත්තේ එයාලගේ සොෆ්ට්වෙයා එකක් නිසාද ? අපේ කොම්පියුටර් එකේ තිබ්බත් ?
    dhanushka
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: ඒ කියන්නේ හැම සිරා සුපිරි හැකර් කෙනෙක්ම, පොදුවේ සොෆ්ට්වෙයා සහ නෙට්වර්ක් කියන පැති දෙක්ම ඉන්ජිනෙරුවන් ?
    මෙහෙමයි පරිගණක දක්ෂයෙක් කියන්නේ ඉංජිනේරුවන්ම නෙවෙයි,

    සොෆ්ට්වෙයාර්
    හාඩ්වෙයාර්
    නෙට්වර්කින්

    යන අංශ තුනේම හොඳ අවබෝදයක් තියෙන අය. මීට අමතරව Social Engineering එකතු උනාම ඔහු හැකින් වලදී දක්ෂයෙක් වෙනවා.

    කිව්වා: සහෝ නොකියා කිවේ, බ්ලැක් හැට් කරස්ලාට වැඩි අයුකාලක් නෑ වගෙම වෙන ඉතාමත් සුලුම අතපසුවිමක්න් උනත් අහුවෙනවා කියන එක නේ. තමන් හැදුව සොෆ්ට්වෙයා උනත් වෙන එක චුටිම මිස්ටෙක් එකකින් හැමදෙම ඉවර වෙනවා නෙ.
    ඔය තේරුම් ගත්තේ හොඳටම :D

    කිව්වා: එතකොට මම ජවා ඉන්ස්ටියුට් එකේ ඉද්දි අහලා තියෙනවා අපි හදන සොෆ්ට්වෙයා එකක් ඔනීම වෙලාවක හැක් කරන්න අපිට අයිතිය තියෙනවා කියලා. ඒ වගෙම ඒවාට ක්‍රැක් දල තියෙනවාද ඒ හැම දෙයක්ම චෙක් කරන්න පුලුවන් කියලා.
    ඔය ගැන නම් මම හරියට දන්නේ නෑ. කොහොම උනත් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරද්දී අර ලයිසන් එකක් එන්නේ එකඟ වෙනවාද නැද්ද කියලා. අන්න එකෙන් පිට කිසිම දෙයක් කරන්න නම් අවසරයක් නෑ.

    කිව්වා: මට එහෙම දෙයක් අහු උනා " idm එකට අපි බොරු සිරියල් කොඩ් දලා ඉන්ටනෙට් කනෙක්ට් නොකර හිටියාම කිසිම අවුලක් නැහැ නැත්තම් හොස්ට් ෆයිල් බ්ලොක් කලාම" එත් කනෙක් කරලා ටිකකින් ෆෙක් කී කියනවා. ඒ කියන්නේ එතන ඔටෝ මැටික් හැකින් හෝ/ චෙකින් එකක් වෙනවා කියන එකනේ.
    ඔව් එහෙම දෙයක් වෙනවා. හැබැයි බුද්ධිමය දේපල අනුව එය නීතිවිරෝධී දෙයක් කියලා කියන්න බෑ.
    එමඟින් වෙන්නේ වංචා කරන අයට විරුද්ධව පියවර ගැනීමක් විතරයි.


    අනික තමයි මුදල් ගෙවා ගතයුතු කිසිඳු සොෆ්ට්වෙයාර් එකක් නීතිවිරෝධී ලෙස ඇක්ටිව් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.
    rootboydhanushka
  • rootboy
    rootboy
    ඒ කියන්නේ ලංකාවේදි උනත් එක ක්‍රියාත්මකද ඒ නිති සියල්ලම ?

    ඇමරිකාව වගේ රටවලනම් ඉන්ස්ටල් කරුපේ එකේ කොපි එක තියාගන්නත් බැහැ කියලා අහල තියෙනවා.

    එත් නිති විරොදි උනාට ලංකා රජයෙන් එහෙම ප්‍රශ්ණයක් මතුවෙන්නේ නැහැනේ නෙද සහෝ ?
    Area_Masterdhanushka
  • Area_Master
    Area_Master
    Senior Level
    කිව්වා: ඒ කියන්නේ ලංකාවේදි උනත් එක ක්‍රියාත්මකද ඒ නිති සියල්ලම ?

    ඇමරිකාව වගේ රටවලනම් ඉන්ස්ටල් කරුපේ එකේ කොපි එක තියාගන්නත් බැහැ කියලා අහල තියෙනවා.

    එත් නිති විරොදි උනාට ලංකා රජයෙන් එහෙම ප්‍රශ්ණයක් මතුවෙන්නේ නැහැනේ නෙද සහෝ ?
    බුද්ධිමය දේපළ යටතේ අවශ්‍ය නම් නඩු පවරන්න පුළුවන් ඇති.
    ඒත් දැනට නම් සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් මම එහෙම නඩු පවරපු අවස්ථාවක් ගැන ලංකාව ඇතුලේ දැකලවත් අහලවත් නෑ.
    rootboydhanushka
  • rootboy
    rootboy
    thank you so much @Area_Master saho
    Area_Masterdhanushka
  • dhanushka
    dhanushka
    Senior Level edited October 2016
    වාව්... නියම ඩිස්කසන් එකක්... පට්ට. මමත් මගේ දැනුමත් පොලිෂ් කරගත්තා... තෑන්කූ තුන්දෙනාටම...
    rootboyArea_Master
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • rootboy
    rootboy
    @ShujaRafi ගොඩාක් ගොඩාක් ස්තුතියි සහො... අනිවරෙන්ම මම මේ ටික ඔක්කොම කවර් කරගන්නවාමයි.
    වැඩිපුර ඉංග්‍රීසි ලිපි කියවන්න භාෂාව සංවර්දනය කරගැනීමේ අරමුණෙන් , ඉංග්‍රීසි බාශාව උසස් අද්යාපනයන් සඳහා අත්‍යවශ්‍යයි
    එකනම් ඇත්තම පුදුම හිතෙන කතාවක් සහෝ. මට ඉස්සර ඉංග්‍රීසී බැහැ එත් දැන් බ්ලොග්ස් කියවලාම ට්‍රන්ස්ලෙට් කරන්න පවා ඉබෙම හැකියාවක් ඇවිත්.

    මේ දවස් වල තව තව ඉංග්‍රීසි හදාගන්න එක කරන්නේ.

    අයෙත් ස්තුතියි @ShujaRafi @Area_Master ඔය දෙන්නාට විශෙෂයෙන්ම.
    dhanushkaArea_Master
  • rootboy
    rootboy
    තව මෙවැනි සුපතල විශ්ව විද්‍යාලවල පාඨ මාලා පවත්වන වෙබ් අඩවි තිබේ අවශ්‍යනම් කියන්න
    තියෙන ලිස්ට් එකම දෙන්නකෝ @ShujaRafi bro
  • emember
    emember
    Senior Level
    කිව්වා: බුද්ධිමය දේපළ යටතේ අවශ්‍ය නම් නඩු පවරන්න පුළුවන් ඇති.
    ඒත් දැනට නම් සොෆ්ට්වෙයාර් සම්බන්ධයෙන් මම එහෙම නඩු පවරපු අවස්ථාවක් ගැන ලංකාව ඇතුලේ දැකලවත් අහලවත් නෑ.
    Habayi dan issara wage software CD wikunana eka godakma aduyi.

    Area_Master
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions