Hack කරන්නේ කොහොමද???

Melan
Melan
Hacking Gana Igena Ganda Widihak Kiyandako...

Comments

  • sanjaya95
    sanjaya95
    Senior Level
    machn hack karanna newe, ewaen berenna kiiyapallako, mae site dekakma hacked wela..

    help ekak dennako improve karaanna
    onlinedoctorsl.lk
    onlineprenancycare.com
  • Eshan_Rodrigo
    Eshan_Rodrigo
    Hack krala dennam fb acc. Ekak rs 500 one

    Sent from my SHV-E210S using Ekathuwa App
    SFC
  • 0xEDD1E
    0xEDD1E
    *Hacking* කියල ඉගෙන ගන්න දෙයක් නෑ. Hacker කෙනෙක් කියන්නේ, මොකක් හරි දෙයක් වැඩ කරන හැටි ඉගෙන ගන්න *උණක්* තියෙන කෙනෙක්ට. සමහර පොඩි ළමයි සෙල්ලම් බඩුවක් හම්බු වුනාම එක කඩලා මස් කරලා ඇතුලේ තියෙන දේවල් හොයල බලනවා වගේ Hackers ලත් computers, computer systems, computer networks වගේ දේවල් වල ඇතුලින් වෙන දේවල් ඉගෙන ගන්න, ඒව අලුත් විදිහට modify කරන්න කැමතියි. ඇතුලින් වෙන දේවල් කිව්වම computer system එකක තියෙන private data, information වගේ දේවල් අදාල නෑ. Hacking අතරෙයි, Computer security breaches අතරෙයි කිසිම සම්බන්ධයක් නෑ (මම පිළිගන්න විදිහට).

    Hacking කියන්නේ දැනුමක් නෙවෙයි. ඒ නිසා කාටවත් තවත් කෙනෙක්ට Hacking උගන්වන්න බෑ. Hacking කියන්නේ ආකල්ප සම්බන්ධ දෙයක්. ඒවගේම Hacking කියන දේ computer වලට සිමා වෙන්නෙත් නෑ. වෙන විෂයන් වලත් `Hackers' ලා ඉන්න පුළුවන්. කොහොම වුනත් අද `Hacking' කියන වචනේ පාවිච්චි වෙන්නේ computer සම්බන්ධවයි.

    `` Hacking ගැන ඉගෙන ගන්න විදිහක් කියල දෙන්න'' කිව්වම මේ උත්තරේ අදාළ නෑ වගේ පෙනුනත්, මට ඕනේ වුනේ Hacking කියන්නේ මොකද්ද කියල පැහැදිලි කරන්න මේ උත්තරේ සම්පුර්ණ නොවෙන්න පුළුවන්, ඒත් Hacking ගැන දල අදහසක් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.



    ඔයාගේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් සරල උත්තරයක් තියෙනවා.
    1. Programming ඉගෙන ගන්න.
    2. Unix-based OS එකක් (Linux වගේ) පාවිච්චි කරන්න පුරුදු වෙන්න
      (Kali වගේ එකක් නම් මේ වැඩේට හොඳ නෑ!)
    3. Internet එක ගැන ටිකක් එහාට ඉගෙන ගන්න. (HTML, CSS, JS වගේ දේවල් වල ඉඳන් DNS, BIND දක්වා)
    4. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න. -- මේක සරල කාරණාවක් නෙමෙයි, මොකද ඉංග්‍රීසියෙන් තමයි හුඟක් දැනුම තියෙන්නේ. ඒවා ඉගෙන ගන්න ඉංග්‍රීසි ඕනේ. ඒවගේම අනිත් අයත් එක්ක අදහස් බෙදා ගන්න ඉංග්‍රීසි ඕනේ වෙනවා. (එහෙම නැතුව වෙන හේතුවක් නෑ ඉංග්‍රීසි වගේම තමන්ගේ මව් භාෂාවත් හොඳට ඉගෙන ගන්න ඕනේ. :) )



    Computer system වලට හොරෙන් ඇතුළු වෙන, password හොරකම් කරන කොටසකුත් ඉන්නවා Hackers කියල කියාගන්න, Anonymous, LulSec[?] වගේ. එත් ඒගොල්ලෝ hackers ල නෙමෙයි. ඒවගේ වැඩ වලට කියන්නේ Cracking කියල. ඒවා සාර්ථක වෙන්නේ crack වෙන system එකේ තියෙන දුර්වලතා නිසා. cracking කියල කරන්නේ ඒ වගේ දුර්වලතා හොයාගෙන ගිහින් ඒවායින් ප්‍රයෝජන ගන්න එක. ඒවගේ දේවල් ඉගෙන ගන්න නම් Internet එකේ ඕන තරම් තැන් ඇති. හැබැයි හිරේ යන්න නම් ඔය තරම් මහන්සි වෙන එක අපරාදේ.
    MelanSFCArea_Master
    Being able to break security doesn't make you a hacker anymore than being able to hotwire cars makes you an automotive engineer
    - ESR ("How to become a Hacker")
  • SFC
    SFC
    aththa kathawa Machan hacking kiyanne ugannanna puluwan deyak newei jeevitha kaaletama igena ganna puluwan dekuth newei thamange mahansiyen molen therum aran karanna one deyak , kotinma kiyanawanan rata heenen penneth coding venna one

    0xEDD1E kiwwa wage unak thiyenna one nathnm kisima wadak na .
    chanukanadun
    < C0d3xsl @ S.F.C />
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions