• Root_x
    Root_x
    Testing walata nam free hosting ekak use karanna.

    කිව්වා: Normal hosting සහ Wordpress hosting කියල දෙකක් තියෙන්වද?
    ehema na. :)
    Shesh
  • Root_x
    Root_x
    කිව්වා: kadulinma gayu pem githe eke track eka heuwa heuwa hamba une nahe
    sinhala sindu wala midi tracks yamkisi pramanayak internet eke thiyenawa. poddak hoyala balanna oyta one karana sindu thiyenawa kiyala.a ehema naththam midi hadana kattiya innawa. ehema kenek contact karagena track eka hadaganna. :)
    madhawa_h
  • Root_x
    Root_x
    කාලෙකට පස්සෙ එකතුවට එන්න ඉඩක් හම්බ උනේ. පහුගිය ටිකේ ගොඩක් වැඩ එක්ක මේ පැත්තට එන්න බැරි උනා. යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා ඒ සම්බන්ධව. මම දැක්ක ෆෝරම් එකේ ස්පෑම් කරලා තියෙන දිගටම. ඔයාල කවුරුත් දන්නවා දැන් මේ ෆේරම් එක පවත්වාගෙන යන්නෙ විරාජ් පතිරන සහෝදරයා. එයාට විරුද්ධව මඩ ප්‍රචාරයක් අරගෙන යන පුද්ගලයෙක් තමයි මේ වැඩේ කරනවා කියලා දැනගන්න ලැබුනේ. එයාට ගෙඩක් කාරුනිකව කියන්නෙ. එකතුව කියන්නෙ අධ්‍යාපනික ෆෝරම් එකක්. තමන්ගේ පුද්ගලික තරහ මරහා මේක ඇතුලට අරගෙන එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතාබහ කරලා විසදගන්න. මේකට එන පිරිස එන්නෙ යම් දෙයක් ඉගෙනගෙන යන්න. ඒ නිසා එකතුවේ ස්පෑම් කරලා ඒ අයට ඔයා කරන්නෙ ලොකු අසාධාරනයක්. මට කිහිපදෙනෙක්ම පෞද්ගලිකව මේ ගැන කිව්වා. ඒකයි මන් අද මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

    එකතුවේ ආදරණිය සාමාජිකයන්ගෙන් ඉල්ලන්නෙ ඔයාල ඒ ස්පෑම් පොස්ට් දැක්කොත් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. එහෙම පොස්ට් රිපෝට් කරන්න. අපි පුලුවන් විදිහට ඒවා ඉවත් කරන්න කටියුතු කරන්නම්. ඔයාලට සිදුවුන අපහසුතා ගැන ගොඩක් කනගාටු වෙනවා. එකතුව අද මේ තත්වෙට ගන්න අපි ගොඩක් මහන්සි උනා කියලා ඉස්සර ඉදලා මේක ඉදපු අය දන්නවා. අපිට මේක නිසි විදිහට නඩත්තු කරන්න අවශ්‍ය කාලය හා මුදල් පිලිබද ඇතිවුන ප්‍රශ්නයක් නිසා තමයි විරාජ් පතිරන සහොදරයා ඇතුලු එයාගේ සමාගමට මේක පැවරුවේ. ඒ උනත් අපේ සාමාජිකයන්ට කිසිම අසාධාරනයක් වෙලා නැහැ කියලා මම බය නැතුව කියනවා. මේක කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න අය විවිධ මඩ ප්‍රචාර කරමින් ගොඩක් මහන්සි වෙනවා කියලත් දන්නවා. එයාලට නැවතත් කියන්නෙ පෞද්ගලික තරහ මරහා මේක ඇතුලට ගෙන්න උත්සහ කරන්න එපා.

    අපි එකතුවත් එක්ක ඉස්සරහටත් ඉන්නවා. මේක වට්ටන්න ඉස්සර ඉදලම ගොඩක් කට්ටිය උත්සාහ කරා. ඒත් එකතුව වට්ටන්න බෑ. වැටෙන්න දෙන්නෙත් නෑ. එකතුවට ජය වේවා !
    ChathinduSLChandiToRa
  • Root_x
    Root_x
    කට්ටිය දකින්න ඇති දැන් දවස් කිහිපයකට කලින් අපි විශේෂ නිවේදනයක් මගින් ඔයාලව දැනුවත් කරා එකතුව ෆෝරම් එක අද (2016-08-30) දවසේ ඉදන් weblog (private) limited ආයතනය සතු වෙන බව. කට්ටිය මේක ගැන සැරින් සැරේ මැසේජ් කරලා විස්තර අහන නිසා තමයි පෝස්ට් එකක් දාන්න හිතුවේ.

    2014 ජුනි මාසේ මගේ හොදම මිත්‍රයෙක් වෙන යුවන්ත රවිදු එක්ක එකතු වෙලා මේ ෆෝරම් එක පටන්ගත්තා බොහොම ‍පොඩියට. ගොඩක් කරදර, බාධක මැද්දෙ අවුරුදු දෙකක් අපි මේක කරගෙන ආවා. ඒ ගමනෙදී ඔයාල අපිට දීපු සහයෝගයට ගොඩක් ස්තූති කරන්න ඕනෙ. අපි හදිස්සියේම මෙහෙම තීරණයක් ගත්තෙ ෆෝරම් එක‍ේ ඉදිරිපැවැත්ම ගැන හිතලා. මොකද මේ වෙනකොට අපි දෙන්නම ගොඩක් කාර්ය්‍යබහුල වෙලා ඉන්නෙ. ෆෝරම් එක ගැන නිතර හොයලා බලන්න අවස්ථාවක් හම්බ වෙන්නෙ නැහැ. එ්ක නිසා එකතුව සාර්ථකව ඉස්සරහට අරන් යන්න පුලුවන් කියලා අපි විශ්වාසකරන weblog (private) limited ආයතනය‍ට ‍භාර දීම සිදු කරා. නමුත් පුලුවන් හැම වෙලාවෙම අපි එකතුව එක්ක ඉන්නවා. එකතුවෙන් කෙරෙන ඕනෙම දේකට අපේ දායකත්වය සපයනවා. :goodbye

    දැනටමත් ඔයාල දකින්න ඇති එකතුව කලින් තිබුනවට වඩා ටිකක් ලස්සන වෙලා එහෙම තියෙනවා :D .lk Domain එකත් දැන් වැඩ. තව අලුත් දේවල් ගොඩක් ඉස්සරහට එකතුවට එකතු වෙයි. දැන් ඔයාලට අලුත් ඇඩ්මින් (@ekathuwa) කෙනෙක් ඉන්නවා. ෆෝරම් එකේ ඕනෙම දෙයක් ගැන ඉදිරියෙදී එයත් එක්ක කතා බහ කරන්න පුලුවන්. බොහොම සුහදශීලි සේවයක් ඔයාලට සපයන්න එයා සූදානමින් ඉන්නවා. එ් වගේම එකතුවේ අලුත් ගමනට අපි හදවතින්ම සුභ පතනවා.
    ekathuwaAgni_DragonlankawebkadepallieThinithdhanushkakrrpsAsItHasamithememberand 6 others.
එක්වූයේ
පැමිණීම්
718
අවසන් පැමිණීම
තත්වය
Member, Moderator, Senior Member
Points
336
Badges
24
Birthday
December 20, 1999

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions