• Root_x
    Root_x
    කාලෙකට පස්සෙ එකතුවට එන්න ඉඩක් හම්බ උනේ. පහුගිය ටිකේ ගොඩක් වැඩ එක්ක මේ පැත්තට එන්න බැරි උනා. යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා ඒ සම්බන්ධව. මම දැක්ක ෆෝරම් එකේ ස්පෑම් කරලා තියෙන දිගටම. ඔයාල කවුරුත් දන්නවා දැන් මේ ෆේරම් එක පවත්වාගෙන යන්නෙ විරාජ් පතිරන සහෝදරයා. එයාට විරුද්ධව මඩ ප්‍රචාරයක් අරගෙන යන පුද්ගලයෙක් තමයි මේ වැඩේ කරනවා කියලා දැනගන්න ලැබුනේ. එයාට ගෙඩක් කාරුනිකව කියන්නෙ. එකතුව කියන්නෙ අධ්‍යාපනික ෆෝරම් එකක්. තමන්ගේ පුද්ගලික තරහ මරහා මේක ඇතුලට අරගෙන එන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින් කතාබහ කරලා විසදගන්න. මේකට එන පිරිස එන්නෙ යම් දෙයක් ඉගෙනගෙන යන්න. ඒ නිසා එකතුවේ ස්පෑම් කරලා ඒ අයට ඔයා කරන්නෙ ලොකු අසාධාරනයක්. මට කිහිපදෙනෙක්ම පෞද්ගලිකව මේ ගැන කිව්වා. ඒකයි මන් අද මේ පෝස්ට් එක දාන්න හිතුවේ.

    එකතුවේ ආදරණිය සාමාජිකයන්ගෙන් ඉල්ලන්නෙ ඔයාල ඒ ස්පෑම් පොස්ට් දැක්කොත් ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. එහෙම පොස්ට් රිපෝට් කරන්න. අපි පුලුවන් විදිහට ඒවා ඉවත් කරන්න කටියුතු කරන්නම්. ඔයාලට සිදුවුන අපහසුතා ගැන ගොඩක් කනගාටු වෙනවා. එකතුව අද මේ තත්වෙට ගන්න අපි ගොඩක් මහන්සි උනා කියලා ඉස්සර ඉදලා මේක ඉදපු අය දන්නවා. අපිට මේක නිසි විදිහට නඩත්තු කරන්න අවශ්‍ය කාලය හා මුදල් පිලිබද ඇතිවුන ප්‍රශ්නයක් නිසා තමයි විරාජ් පතිරන සහොදරයා ඇතුලු එයාගේ සමාගමට මේක පැවරුවේ. ඒ උනත් අපේ සාමාජිකයන්ට කිසිම අසාධාරනයක් වෙලා නැහැ කියලා මම බය නැතුව කියනවා. මේක කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න අය විවිධ මඩ ප්‍රචාර කරමින් ගොඩක් මහන්සි වෙනවා කියලත් දන්නවා. එයාලට නැවතත් කියන්නෙ පෞද්ගලික තරහ මරහා මේක ඇතුලට ගෙන්න උත්සහ කරන්න එපා.

    අපි එකතුවත් එක්ක ඉස්සරහටත් ඉන්නවා. මේක වට්ටන්න ඉස්සර ඉදලම ගොඩක් කට්ටිය උත්සාහ කරා. ඒත් එකතුව වට්ටන්න බෑ. වැටෙන්න දෙන්නෙත් නෑ. එකතුවට ජය වේවා !
    ChathinduSLChandiToRa
  • Root_x
    Root_x
    නියමයි. හොද වැඩක්.
    ජය වේවා !
    akshalikas
  • Root_x
    Root_x
    Ehema ba bro. WordPress core ekata hadapu theme ekak WP ekka witharai use karanna puluwan. Oyta oni Nam theme eka balagena hard code karanna wenawa.
    krrp
  • Root_x
    Root_x
    WiZrD කිව්වා: ලෝකේ VFX පැත්ත ගැන idea එකක් ගන්
    Green screen :D
    WiZrD
  • Root_x
    Root_x
    WiZrD කිව්වා: මගේ තර්කේ තමා ලoකාවේ අපිට ප්‍රමානවත් තාක්ශනයක් නොමැතිවීමත්
    ලංකාවේ හොද නිර්මාන බිහි වෙන්නෙ නැහැ කියලා කියන්නත් බැහැ. ලංකාවේ සිනමාව පිරටරවල සිනමාවත් එක්ක සංසන්දනය කරන්න අමාරුයි. මොකද ඒ ඒ රටවල තියෙන අධි තාක්ෂණික උපරකන ලංකාවේ දැනට නැහැ. අඩුම තරමේ ලංකාවේ සිනමා ශාලා වලිනුත් හොද මට්ටමේ ඒවා තියෙන්නෙ බොහොම සුලු ප්‍රමානයයි. කොහොමත් මේ වෙනකොට සිංහල සිනමාට ඉන්න රසික පිරිස ගොඩක් අඩුයි. :mikirpakeotak
    Lakshan_rwWiZrD
එක්වූයේ
පැමිණීම්
709
අවසන් පැමිණීම
තත්වය
Member, Moderator, Senior Member
Points
335
Badges
24
Birthday
December 20, 1999

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

Badges

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions