Javascript, Inline ද? External ද? ...

0xEDD1E
0xEDD1E
edited July 2016 in Programming
වෙබ් සයිට් එකක java script පාවිච්චි කරන කොට ``inline'' ක්‍රමයද වඩා සුදුසු නැත්නම් ``external'' ක්‍රමයද?

මෙහෙම අහන්න හේතු වුනේ මම දැකල තියෙනවා හුඟක් blogger templates වල javascripts, jquery පවා, inline ක්‍රමයට එකතු කරලා තියෙනවා. නමුත් මගේ දැනීම අනුව නම් මේ inline scripts පුළුවන් තරම් අවම කරන්න ඕනේ. පේලි දෙක තුනේ script එකක් හෝ පිටුවකට පමණක් සීමාවුණු කුඩා script එකක් හැරෙන්නට අනෙක් scripts පුළුවන් තරම් external scripts විදිහට තියන එක සුදුසුයි.
මම එහෙම කියන්නේ මේ හේතු නිසා,

1. external scripts browser එකෙන් cache කරන නිසා, performance වැඩි වෙනවා. inline scripts විදිහට තියෙන scripts page එක load වෙන වාරයක් පාසා download වෙනවා. මේ නිසා අවශ්‍ය වෙන HTTP requests ගණන අඩු වුනත් page size එක විශාල නිසා ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒත් external scripts browser එකෙන් cache වෙන්න ඉඩක් තියෙන නිසා page size එක වැඩි නොකර HTTP requests ගණන අඩුකරගන්න පුළුවන්.
2. දෙවෙනි හේතුව තමයි external scripts වෙනස් කරන්න ලේසියි, ඒ කියන්නේ සම්පුර්න පිටුවම අරගෙන edit කරන්වටා වඩා එක javascript file එකක් edit කරන එක ලේසියි. ඒ වගේම ඉක්මන්.
3. තුන්වෙනි හේතුව තමයි, සමහර විට javascript codes tag දෙකක් අතරේ ලියන්න බෑ. උදාහරණයක් විදිහට, < > " ' වගේ ලකුණු javascript විදිහට ලිව්වත් ඒවා html විදිහට browser එක වැරදියට වටහා ගන්න පුළුවන්.

කොහොම වුනත්, හුඟක් blogger templates වල javascript scripts inline විදිහටම පාවිච්චි කරන නිසා, (jQuery වලට පවා මේක කරන නිසා) මේ ප්‍රශ්නේ අහන්න හිතුනා.

ඇත්තටම javascript පාවිච්චි කරන්න හොඳ, inline විදිහටද? external විදිහටද?

මොනවද ඕගොල්ලන්ගේ අදහස්?

(මම නම් ඉන්නේ අවස්ථාව අනුව හොඳ එක තෝරාගන්න ඕනේ කියන තැන, හැබැයි මම කැමතියි, inline ද? external ද? කියන එක ගැන සාකච්ඡාවකට.)
nanos gigantum humeris insidentes

Answers

  • Induwara_Uthsara
    Induwara_Uthsara
    Senior Level
    0xEDD1E කිව්වා: ඇත්තටම javascript පාවිච්චි කරන්න හොඳ, inline විදිහටද? external විදිහටද?
    ඕක අහන්න කලින් inline සහ external යනු මොක්ද්ද කියලා කියලා දෙන්න. (ඉල්ලීමකි)
    ChesterKW
    මෙන්න මගේ සයිට් එක ඇවිත් රසවිද යන්න.
    ginidal.blogspot.com
    image
  • dhanushka
    dhanushka
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    සාමාන්‍යෙයන් අපි කරන්නේ නම් external විදිහට use කරන එක තමයි.. ඒක වඩාත් හොදයි code එක පැහැදිලිව තියාගන්න ඒක උපකාරි වෙනවා.. අනික ඔයා professional විදිහට වැඩ කරන කෙනෙක් නම් ඒක ගොඩක් උපකාරි වෙයි ඉස්සරහට යද්දි.. කොහොම වුණත් අපි java script use කරනකොට ඒ script එක සම්බන්ද කරන්න පොඩි කොටසක් හරි inline භාවිතා කරන්න වෙනවා..
    0xEDD1E
    DHANUSHKA SOORIYAARACHCHI
    -Web Designer & Developer-
  • sdglhm
    sdglhm
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    External කරන්නේ මමනම් සේරම වගේ. කලාතුරකින් කම්මැලිකමට දානවා inline දෙක තුනක්.

    gulp වලින් අන්තිමට compile කරනවා. Cofeescript වගේ කරනවානම් කොහොමත් වැඩිපුරම external තමයි ලියන්න වෙන්නේ.
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions