Assembly Programming පටන් ගන්නේ කොහොමද?

HarithD
HarithD
මට assembly language එකෙන් programming කරන්න ආසයි. එහෙම කරන්න පුලුවන්ද? කොහොමද assembly වින් programming කරන්න පටන් ගන්නේ? කොහෙන්ද ඉගෙනගන්න පුලුවන්?

Answers

  • 0xEDD1E
    0xEDD1E
    edited August 2016 මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    Assembly වලින් programming කරන්න නම් මූලිකව C, C++ වගේ භාෂාවකින් (ඒ කිව්වේ ටිකක් අමාරු) භාෂාවකින් programming කරලා පුරුද්දක් තියෙන්න ඕනේ. Assembly programming කියන්නේ ටිකක් අමාරු දෙයක්, විශේෂයෙන් x86 වගේ platform එකක.

    ඒ වගේම computer එකේ අභ්‍යන්තරය ගැන හොඳ දැනීමක් තියෙන්න ඕනේ. memory addressing වගේ දේවල් ගැන. සරලවම කිව්වොත් computer එක හදවතින්ම තේරුම් ගන්න හැකියාවක් ඕනේ කරනවා (ඒක සැර වැඩිද මන්ද?)

    ඒ වගේම පුලුවන්නම් Linux based OS එකක් පාවිච්චි කරන්න. මොකද windows වල system interrupts (මට සාපේක්ෂව) ටිකක් අවුල්. ඒනිසා Ubuntu (Xubuntu වගේ එකක් නම් හොඳයි) වගේ OS එකක් පාවිච්චි කරන්න.

    assembler එකක් විදිහට nasm assembler එක හොඳයි. මොකද එකේ intel syntax එක පාවිච්චි වෙන නිසා. හැබැයි gcc එකේ තියෙන as assembler එක ඒ තරම් හොඳ නෑ මොකද එකේ error checking එහෙම එච්චර හොඳ නෑ.

    Assembly programming කරන කොට සැලකියයුතු කාලයක් debugging වලට වෙන් කරන්න වෙනවා. ඒ නිසා, හොඳ debugger එකකුත් ඕනේ කරනවා. gdb තමා තියෙන හොඳම debugger එක. හැබැයි ඒක command-line නිසා front-end එකක් විදිහට ඕනේ නම් insight (මේක තමයි මම පාවිච්චි කරන්නේ), kdbg, DDD වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. insight debugger එකනම් දැන් ubuntu package වල නෑ. එක install කරන්නත් ටිකක් අමාරුයි. ඒක install කරන හැටි ගැන මම ටික කාලෙකට කලින් ලියපු ``askubuntu'' answer එකක් තියෙනවා. අනිත් දෙක නම් ලේසියෙන්ම install කරන්න පුළුවන්.

    ඒවගේම x86 assembly වලට IDE එකක් එහෙම ඕනේ කරනවා නම්,... මට නම් තවම එහෙම එකක් හම්බු වෙලා නෑ. මම පාවිච්චි කරන්නේ sublime හරි Kate හරි තමා. Kate වලනම් x86 වලට syntax highlighting තියෙනවා ඒත් x86_64 වලට නෑ. sublime වලට package control හරහා ඔය දෙකටම syntax highlighting එකතු කරගන්න පුළුවන්.

    ඔය මම කිව්වේ assembly වලට ලැස්ති වෙන් හැටි ගැන. assembly ඉගෙන ගන්න නම් Jeff Duntemann ගේ Assembly Language Step by Step - Programming with Linux පොත හොඳයි.

    nasm assembler
    Insight debugger
    ddd debugger
    sublime text
    krrp
    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    @wind @sujeewajk මේ වගේ thread එකක රණ්ඩු වෙන එකනම් හොඳ නෑ
    windemember
    nanos gigantum humeris insidentes
  • Agni_Dragon
    Agni_Dragon
    Senior Level
    පාර්ලිමේන්තුවේ කට්ටිය මෙහෙටත් ඇවිත්ද? :stop
    0xEDD1E
    image
  • krrp
    krrp
    Senior Level
    dan assembly languages use wenawada? meter taxi program karala thiyenne assembly languages walinda?
    0xEDD1E
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා: dan assembly languages use wenawada? meter taxi program karala thiyenne assembly languages walinda?
    meter taxi program කරලා තියෙන්නේ assembly වලින්ද කියන්න දන්නේ නෑ. හැබැයි assembly තාමත් පාවිච්චි වෙනවා. Games, OS වගේ සංකීර්ණ දේවල් හදන්න පාවිච්චි කරනවා. ඒ වගේම assembly දැනගෙන ඉන්න එක වටිනවා, එතකොට වෙන high-level language එකකින් හදන programs වල speed එක efficiency එක වැඩිකරගෙන හදන්න පුළුවන් වෙනවා.
    nanos gigantum humeris insidentes
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions