Visual Basic 2016 software එක highly compressed කරලා download link එක දෙන්න පුලුවන්ද?

ChathinduSL
ChathinduSL
යාලුවනේ ඔයාලා දන්නවා නේද microsoft Visual Basic 2016 ..? ඒක highly compressed කරපු කොපියක් (20 mb වලට වඩා අඩු) මට දෙනවනම් ලොකු උදව්වක්. අනේ ඔයාල ගාව තියෙන හොඳට වැඩ කරන එකක්, ඔයාම compress කරලා දෙනවනම් වැඩ හොඳයි. මම google එකේ බලපුවනම් මෙලෝ වැඩක් නැහැ.

මගේ මේ software හදන පිස්සුව නවත්තගන්න බෑ නොවැ. link එක comment කරන්න හොඳේ?

(පස්සේ මමත් කාලගුණ සලකන්නම්කෝ!.)

Answers

  • 0xEDD1E
    0xEDD1E
    microsoft Visual Basic 2016 ? එහෙම එකක් තාම ආවේ නෑනේ?!

    ඒක 3.7GB ISO එකක්. එච්චර size එකක් 20MB වලට compress කරන එක ප්‍රයෝගික නෑ. (එහෙම කරන්න පුලුවන්ද?)

    අනිත් එක හරිනම් visual studio install කරන්න ඕනේ online installer එකෙන්. මොකද එතකොට තමා latest packages download වෙන්නේ.

    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා: epaa affaa .net nariyo wenna efaa......
    nariyo?
    :hopeless :digunjing :heran
    [Deleted User]
    nanos gigantum humeris insidentes
  • sdglhm
    sdglhm
    Senior Level මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: එහෙම කරන්න පුලුවන්ද?
    මෙචච්ර නම් අඩුකරන්න පුළුවන්ද දන්නෙ නැහැ. හැබැයි http://www.winuha.com/ මේකෙන් කරගන්න පුළුවන් සෑහෙන්න අඩුවෙන්න. Open source නම් නෙමෙයි.
    ChathinduSL
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • ChathinduSL
    ChathinduSL
    0xEDD1E කිව්වා:
    microsoft Visual Basic 2016 ? එහෙම එකක් තාම ආවේ නෑනේ?!

    ඒක 3.7GB ISO එකක්. එච්චර size එකක් 20MB වලට compress කරන එක ප්‍රයෝගික නෑ. (එහෙම කරන්න පුලුවන්ද?)

    අනිත් එක හරිනම් visual studio install කරන්න ඕනේ online installer එකෙන්. මොකද එතකොට තමා latest packages download වෙන්නේ.

    පුළුවන් එකනම් පුලුවන්. ටිකක් මහන්සි වෙලා කලොත් winrar එකෙන් උනත් පුළුවන්. උදාහරණයක් විදිහට මේක බලන්නකෝ! --- මේක ----

    මටනම් online installer එකෙන් එපා වෙනවා. ටික වෙලාවකින් ලෝකෙ නැති errors එන්න පටන් ගන්නවා.
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: මෙචච්ර නම් අඩුකරන්න පුළුවන්ද දන්නෙ නැහැ. හැබැයි http://www.winuha.com/ මේකෙන් කරගන්න පුළුවන් සෑහෙන්න අඩුවෙන්න. Open source නම් නෙමෙයි.
    ඔව් මචන්, මාත් බාලා බැලුවා. ඒත් ඉතින් files download කරාට පස්සෙනේ compress කරන්න වෙන්නේ! පුලුවන්නම් ඔයා කරලා මට download කරගන්න link එකක් හදල දෙන්නකෝ!
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: උදාහරණයක් විදිහට මේක බලන්නකෝ! --- මේක ----
    ඔයා ඕක අරගෙන බැලුවද? මට නම් පේන විදිහට Scam.
    එහෙම GB ගාණක් 10MB වලට compress කරත්, එක extract කරන්න නම් පත RAM එකක් ඕනේ වෙයි.

    (හැබැයි කලාතුරකින් සමහර files ඔය තරමට compress කරන්න පුළුවන්. high redundancy එකක් තියෙන file එකක් වගේ. ඒත් එහෙම ඒවා දුලබයි)

    පුලුවන්නම් ඔය 3.7GB file එක IDM, FDM වගේ එකකින් ටික ටික download කරගන්න. දවසකට 500MB විතර...
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    කිව්වා: ඔයා ඕක අරගෙන බැලුවද? මට නම් පේන විදිහට Scam.
    එහෙම GB ගාණක් 10MB වලට compress කරත්, එක extract කරන්න නම් පත RAM එකක් ඕනේ වෙයි
    මම එකක් download කරලා බැලුවා. ඒක හරිගියේ නැතත් හරියට compress වෙලා තිබුනා. (මම download කරේ windows 10 එකේ compress කරපු එකක්. හැබැයි තිබ්බේ windows XP එකක්. ඒ හින්දා තමයි හරිගියේ නෑ කිව්වේ. but, windows මොන කෙහෙල්මල තිබ්බත් 10 mb වලට compress කරලා තිබ්බා. {පත ram එකක් නෑ මට තියෙන්නේ 2GB එකක්, විනාඩි 20න් extract වුනා. ISO විදිහට ගත්තේ, WinRar වලින් extract කරේ!}
  • ChathinduSL
    ChathinduSL
    edited September 2016
    0xEDD1E කිව්වා
    පුලුවන්නම් ඔය 3.7GB file එක IDM, FDM වගේ එකකින් ටික ටික download කරගන්න. දවසකට 500MB විතර...
    මම ඔහොම කරා, ඒත් දෙවෙනි දවසේ download කරනකොට මොකක්ද error එකක් කියනවා. ( download manager 3කින් බැලුවා. { IDM, XDM, Eagle get } සේරගෙන්ම එකම error එකක් කියනවා. [ error - requested url cannot be resloved ]
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: මම එකක් download කරලා බැලුවා. ඒක හරිගියේ නැතත් හරියට compress වෙලා තිබුනා. (මම download කරේ windows 10 එකේ compress කරපු එකක්. හැබැයි තිබ්බේ windows XP එකක්. ඒ හින්දා තමයි හරිගියේ නෑ කිව්වේ. but, windows මොන කෙහෙල්මල තිබ්බත් 10 mb වලට compress කරලා තිබ්බා. {පත ram එකක් නෑ මට තියෙන්නේ 2GB එකක්, විනාඩි 20න් extract වුනා. ISO විදිහට ගත්තේ, WinRar වලින් extract කරේ!}
    හැබැයි sure එකට ඔය ISO එක වැඩ කරන්නේ නෑ. මම එකපාරක් ඔය විදිහට GTAIV download කළා extract කලාට පස්සේ ISO එක mount කරන්න ගියාම ISO එක corrupted ලු!
    මමත් හොයල බලන්නම් හම්බු වුනොත් දෙන්නම්.
    කිව්වා: මම ඔහොම කරා, ඒත් දෙවෙනි දවසේ download කරනකොට මොකක්ද error එකක් කියනවා. ( download manager 3කින් බැලුවා. { IDM, XDM, Eagle get } සේරගෙන්ම එකම error එකක් කියනවා. [ error - requested url cannot be resloved ]
    එහෙම වෙනවා නම් pcloud.com වගේ එකක account එකක් හදාගෙන ඔය ISO එක එකට remote upload කරන්න. ඉන්පස්සේ ටික ටික download කරගන්න. එතකොටත් අර error එක ආවොත් download link එක refresh කරන්න. (pcloud එකේදී ඕන නම් compress කරන්නත් පුළුවන්, මං දන්න විදිහට, හැබැයි ඔය තරම් ලොකු ප්‍රමාණයකින් නෙමෙයි)
    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    කිව්වා:
    naha gal වැද්දෝ
    :digunjing ඒ මොකද? .Net එකත් හොඳයිනේ....
    nanos gigantum humeris insidentes
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    @ChathinduSL ISO එක ඇතුලේ තියෙන දේවල් ඕනේ නම් මෙතන තියෙනවා. ඕනේ නම් Folder එකෙන් එක download කරගන්න https://my.pcloud.com/publink/show?code=kZJ77DZhgL0nvg6HVY6Qng9cgoKJBXIMhIX
    nanos gigantum humeris insidentes
  • ChathinduSL
    ChathinduSL
    උත්තර දීපු හැමෝටම ස්තුතියි!

    මම හොයාගන්න බලන්නම්. මොනවා හරි ඕනනම් මගෙනුත් අහන්න හොඳේ? :gatau
  • 0xEDD1E
    0xEDD1E
    මෙය නිවැරදි පිළිතුර ලෙස බාරගන්නා ලදී ✓
    කිව්වා: kattiya hithanawa athi dan oka open source nisaa shaa maru ne kiyala, oka open source kareth okunge kuhakakamata, ethakota .net nathiwa melo seddak gahaganna bari un (namata software engineer la)(mama software engineer kiyala board ussan inna un) ge වර්ණනාවට lakwenawa windows uda indan liyana eka gana, ethakota oya liyana un wadipura windows paththata namburuwenawa, dan windows 10 walada koheda Linux user mode ehakuth daala kiyala aaranchi une.. Microsoft moosalaya environment eka open source karata Visual Studio eka anik ewata(linux) dunne nahane, denneth naha.
    අනේ මන්ද. linux හොඳයි තමා. ඒත් මම නම් හිතන්නේ windows වලයි linux වලයි programming වල ආදර්ශ දෙකක් තියෙන්නේ. linux වල program එකක් ලිව්වම එක හුඟක් වෙලාවට Open Source නැත්නම් Free (නොමිලේ කියන එක නෙමෙයි) විදිහට තමා පැතිරෙන්නේ (distribute). ඒ නිසා ඕන කෙනෙක්ට modify කරන්න redistribute කරන්න අවස්ථාවක් තියෙනවා (license එක අනුව). ඒත් windows වල එහෙම දෙයක් නෑ, හුඟක් වෙලාවට end-user කෙනෙක් target කරගෙන programs ලියන්න තමා, .Net වගේ දේවල් තියෙන්නේ. end-user ට වැදගත් නෑ program එකේ source code එක. ඒනිසා ඒ අතින් එක සාර්ථකයි. අනිත් අතට Linux වල Open Source ලක්ෂණය programmer කෙනෙක්ට හොඳයි. මොකද සමහර වෙලාවට අපි පොඩියට හදන program එකක් අනිත් programmers ලගේ අදහසුත් එක්ක ගොඩක් සාර්ථක program එකක් වෙන්න ඉඩ තියෙන නිසා. PHP, Perl, C, C++ වගේ දේවල් දියුණු වුනු හැටි මේකට උදාහරණ විදිහට දෙන්න පුළුවන්, ඒ වගේම Linux වුනත් මේකට උදාහරණයක්.

    මම දකින හැටියට Windows, Linux (GNU) වල තියෙන මේ වෙනස් ආදර්ශ දෙක නිසා මේ දෙක සසඳන එක අසාර්ථකයි. හැබැයි මම පෞද්ගලිකව කැමති Linux වලට, මොකද Windows programming වල තියෙන abstract ගතිය කරදරයි.

    @ShujaRafi කියල තිබුන VS Open Source කළා කියල. මම දන්න හැටියට ඒක තාම Closed source. හැබැයි VSCode නම් තියෙනවා Open Source (හැබැයි එක සාමාන්‍ය Atom, sublime වගේම එකක් විතරයි මටනම්).
    ඒ වගේම VS Linux වලට හරියන විදිහට හදන (port) එකක් නෑ (නිකන් උපකල්පනයක් විතරයි). මොකද Linux වල ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් tools තියෙනවා.
    nanos gigantum humeris insidentes
  • sdglhm
    sdglhm
    Senior Level
    කිව්වා: Visual Studio eka anik ewata(linux) dunne nahane
    ඇයි බන් .net runtime එක තියෙන්නෙ දැන් ලිනක්ස් වලට. Head එකත් සෑහෙනම අඩුයි. (පයිතන, ජාවා ජරාව ට වඩාත් අඩුයි)

    අනිත් එක Microsoft එක දැන් SaaS කියන මොඩල් එකට මාරු වෙන ගමන් ඉන්නෙ. උන් ලිනක්ස් වල වැඩි ප්‍රතිශතයක් වගේම, ඇපල් එවුන් එල් කැප්ටන් එකට වගේ මෝඩ ආතල් එකක් ඊලඟ එකටත් ගත්තෝතින් (මමත් යොසෙමයිට් බැස්ස ආයෙත්) ඒකෙනුත් සෑහෙන ගානක් වින්ඩෝස් වලට එයි.
    [Deleted User]
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • sdglhm
    sdglhm
    Senior Level
    කිව්වා: VS eka denne naha eken oo balaporottuwenne mokadda? .net ekata liyanawa nam Windows uda indan VS eken liyapan
    ඒක ඇත්ත.හැබැයි VS එක තවම හදනව කියල කියන්නෙ. Debugging වගෙ ටූල් දුවන්න බැරි නිසා
    [Deleted User]
    Best regards,
    Lahiru Himesh Madusanka
    eezpal Hosting -
  • ChathinduSL
    ChathinduSL
    ඔන්න මම හොයාගත්ත Visual Basic 6.0 එකේ compress කරපු කොපියක්. 5 mb විතරයි වෙන්නේ! බලන්නකෝ වැඩද කියල, මටනම් වැඩ!

    http://www.mediafire.com/download/bbjuck07oa0hsxl/Visual+Basic+6.0+High+Compressed.rar
Sign In or Register to comment.

තාමත් එකතු වුනේ නැද්ද....??

▪ අලුත් විදිහට ලෝකය දකින.......................!

▪ අලුත් දේවල් කරන්න සිහින දකින...............!

▪ ඔබ වෙනුවෙන්ම නිර්මානය කල, ඔබගේම ෆොරමය, එකතුව.org

▪ ඉතින් දැන්ම එකතු වෙන්න, එකතුවත් එක්ක.

Sign In with Facebook Sign In with GooglePlus Sign In with OpenID Sign In with Twitter

මෙම සාකච්චාවට සම්බන්ද වූ අය

Advertisement

© Copyright 2016 - ekathuwa.org | Powered By Max Web Solutions